හර්ෂි රසාංගා හදිසියේම ලංකාව දාල යන හේතුව මෙන්න…

399

අතීතය ගැන කතා නොකර ඉමු
මඩ ගැසීම් නිසා මම තවත් ශක්තිමත් වුණා

මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන “ලංවී” ටෙලි නාට්‍යයේ අපූර්වා ලෙසින් ඔබ හමුවට එන හර්ෂි රසාංගා හදිසියේම රට අත්හැර යන්නට තීරණය කර ඇති බවට අපට තොරතුරු ලැබුණා. හර්ෂි හදිසියේම එවැනි තීරණයක් ගත්තේ ඇයිද දැන ගන්න අපි ඇයත් සමග සුහද කතාබහක යෙදුණා.

හර්ෂි රසාංගා හදිසියේම රට අතහැර යන්න හදනවා කියන්නෙ ඇත්තක්ද?

ඒක හදිසි තීරණයක් නෙවෙයි. ඒක ගොඩක් කල් ඉඳලා මම ගනිපු තීරණයක්. මගේ වැඩි දුර අධ්‍යාපනයට මම කොහොමත් ලංකාවෙන් පිටට යන්නයි හිටියේ. නමුත් මට “ලංවී” ටෙලි නාට්‍යයේ පිටපත අතට ලැබුණයින් පස්සේ මම හිතුවා ඒක ලස්සන කතාවක් නිසා කතාව අවසන් වුණාම යනවා කියලා. දැන් අවසන් කොටස් ටික යන්නේ. ඉතිං ළඟදීම නාට්‍ය අවසන් වුණායින් පස්සේ මම විදේශගත වෙනවා.

හර්ෂි රසාංගා හදිසියේම ලංකාව දාල යන හේතුව මෙන්න…

“ලංවී” අපූර්වාට මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

මම හිතපු නැති විදියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ පළමුවැනි නාට්‍යයෙන් මට ලොකු ජනප්‍රියත්වයක් හම්බවුණා. ඉතිං ඒ විදියටම අවුරුදු ගාණකට පස්සෙත් මට “ලංවී” නාට්‍යය හරහා ඒ වගේම ජනප්‍රියත්වයක් ලැබුණා. මීට කලින් කරපු අනෙක් නාට්‍යය වලින් නොලැබුණ තරම් ආදරයක්” ජනප්‍රියතාවයක් “ලංවී” නාට්‍යය නිසා ලැබුණා.

අපූර්වා” හර්ෂිගේ ජීවිතය වෙනස් කළා කියලද හිතෙන්නේ?

ජීවිතේ ගොඩක් වෙනස් කළා කියලා කියන්නත් පුළුවන්. මොකද මේ අපූර්වා නිසා තමයි මම තව අවුරුද්දක් ලංකාවේ මේ කලා ක්ෂේත්‍රයේ රැඳුණේ. නැත්නම් මීට කලින්ම මම ලංකාවෙන් ගිහිල්ලා.

අපූර්වාගේ පිටපත අතට ලැබුණම මොකද හිතුණේ?

මට මේ නාට්‍යට කතා කළේ එහි පිටපත් රචික තිමිර උඩලමත්ත අයියා. අයියා කතා කරලා මට කතාව කිව්වා මෙහෙමයි වෙන්නේ කියලා. ඒකෙත් මං වගේම ගෑනු ළමයෙක් ගැන යන කතාවක්. මොකද මමත් රඟපෑවට වැඩියෙන් කැමැති ගීත ගායනයට. ඒ නිසා තමයි මම රට යන එකත් ටිකකට කල්දාලා ලංකාවේ ඉන්නවයි කියලා තීරණය කළේ.

“ලංවී” රූගත කිරීම් ගොඩක් දුරට අවසන්ද?

ඔව් ගොඩක් දුරට අවසන්.

කලා ක්ෂේත්‍රයේ කලකිරීම් එහෙම තියෙනවද?

අනේ නෑ. මම පෝස්ට් එකක් දැම්මයින් පස්සෙත් මම රංගනයෙන් අයින් වෙනවයි කියලා හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි මට මොකක් හරි හිත් රිදීමක් වුණාද කියලා. ඇත්තටම එහෙම කිසිම දෙයක් නැහැ. අද වෙනකම් මම අවුරුදු 11 ක් තිස්සේ මේ ගමන ආවා. ඒ ගමනෙදී කතා හදන අය කොහොමත් කතා හදනවා. ගල් පාරවල්” මල් මේ හැමදේම මට හම්බුණා. හැබැයි ඒ ඇරෙන්න කලකිරෙන්න තරම් දෙයක් මට මේ ක්ෂේත්‍රයේ වෙලා නැහැ. හරිම සතුටෙන් ආපු ගමනක් මේ. ඉතිං මගේ කැමැත්තට වෙන දෙයක් තමයි මේ වෙන්නේ.

හර්ෂිට පසුගිය දිනවල මඩගැසීම් සිදුවුණා නේද?

ඒ මඩ ගැසීම් නිසා මම තවත් ශක්තිමත් වුණා. මොකද මට විතරක් නෙවෙයි හැමෝටම එහෙම වෙනවා. තව දෙයක් තමයි මම හිත හදා ගත්තේ මට නැති වැරැද්දක් පෙන්නලා එහෙම දෙයක් කරන්නේ මගෙත් එක්ක තියෙන ඉරිසියාවට. නැත්නම් මොකක්හරි තරහකට කියලා මම හිතා ගත්තා. ඒ ගොල්ලොන්ට මගේ තැනට එන්න බැරි වීම නිසා නේද එහෙම කරන්නේ කියලයි මට හිතෙන්නේ. ඉතිං මම ඇත්තටම සතුටු වුණා මං වෙනුවෙන් එහෙම හොයලා බලන්නත් මිනිස්සු ඉන්නවා නේද කියලා.

මේ දිනවල ලැබෙන ජනප්‍රියත්වයට පයින් ගහල යන එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි” ඒක අපරාධයක් පසුතැවීමක් වෙන එකක් නැහැ. නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආදරය අහිමිවෙයි. ඒ වුණාට ඒ නිසා මට මගේ ජීවිතයේ මට යන්න ඕන තැනට නොගිහින් ඉන්න බැහැනේ. පොඩිකාලේ ඉඳලා මට තිබුණු හීනේට යන්න ඕනෑ. එතනට ගියාට පස්සෙ ආපහු එන්න පුළුවන් වුණොත් එනවා.

මේ වෙලාවේ ගෙදරින් මොකද කියන්නේ?

මම ඇත්තටම කලා ක්ෂේත්‍රයට ආවේ අම්මිගේ කැමැත්තට. දැන් මට අවුරුදු 18ට වැඩියි. ඒ නිසා අම්මි කිව්වා මගේ කැමැත්තට දිගටම නාට්‍යය කරගෙන යන්න” නැත්නම් නවත්තන්න ඕනෑ වුණොත් නවත්වන්න කියලා. ඉතිං මම කිව්වා මගේ කැමැත්ත රට යන එක කියලා. ඉතිං ඒ වෙනුවෙන් ගෙදරින් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අද වෙනකන් මගේ පසුපසින් ඉඳගෙන මගේ හැම දෙයකටම මට සහය දෙන්නේ ගෙදර අය තමයි.

වැඩිදුර අධ්‍යාපන කටයුතු මොන අංශයෙන්ද කරන්නේ?

එකක් කියලා නැහැ. දෙක තුනක්ම තියෙනවා. අපි ඒක ඉස්සරහට බලමු.

හර්ෂි රසාංගා හදිසියේම ලංකාව දාල යන හේතුව මෙන්න…

ජීවිතේ මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ආපස්සට හැරිලා බැලුවම මට ගොඩක් සතුටුයි. ඇත්තටම මට හිතා ගන්නත් බැහැ” මොකද මම මේ ක්ෂේත්‍රයට ආවේ එකපාරටම දෙවියෝ දුන්න දෙයක් වගේ. අවුරුදු 11ක් වගේ පොඩි කාලයක් ඇතුළත ලංකාවෙන් භාගෙකට භාගයක් වගේ දන්න තැනකට මෙච්චර පොඩි වයසකදී එන්න ලැබීම ගැන මට හරිම සතුටුයි. මට දැන් වයස අවුරුදු 19යි. ඒ වගේ වයසකදී මේ වගේ තැනකට එන්න පුළුවන්වීම ගැන නිහතමානී සතුටක් දැනෙන්නේ.

හර්ෂිගේ හීනය ගායන ක්ෂේත්‍රයට යන්නද?

එහෙම හීනයක් තියෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ ඒ හීනයට යන්න මගේ අධ්‍යාපනය බාධාවක් වෙයි කියලා. මොකද පිටරටවල ඉඳන් ලංකාවේ ගීත කියන අය ඕනෑ තරම් ඉන්නවා. ඉතිං එතැනට යන්න ලොකු උත්සාහයක් ගන්නවා.

හර්ෂි කියන්නේ මොනවගේ කෙනෙක්ද?

මෙහෙමයි” මට මං ගැන කියන්න පුළුවන්. නමුත් මාව දන්න හඳුනන සහ මාව මුණ ගැහිලා තියෙන අයගෙන් තමයි මං ගැන හරියටම අහන්න ඕනෑ. මම හිතන විදියට නම් මම හරිම කැමතියි හැමෝත් එක්කම හිනාවෙලා එකමුතුව ඉන්න. මම නිළියක්” මම රඟපානවා කියලා මම කවදාවත් ලොකුකමින් ඉඳලා නැහැ. මමත් අනෙක් ගැහැනු ළමයි වගේ තමයි.

ආදරය ගැන මොකද හිතන්නේ?

අපි අතීතය ගැන කතා නොකර ඉමු. මම කැමැති නැහැ අතීතය ගැන මතක් කරන්න.

සමහරු නොකියම යනවා. නමුත් හර්ෂි හැමෝටම කියලා යන්න හිතුවේ ඇයි?

මොකද අද මම මේ තැන ඉන්නේ මට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඉතිං එයාලා නිසා මෙතැනට ඇවිල්ලා එයාලට නොකියා යනවා කියන්නේ මම එයාලට කරන වැරැද්දක් කියලා හිතුණා. ඉතිං මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියලා යන්න තීරණය කළා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment