හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය ලෙස ජ’පුර පත්වෙයි

309

තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය හෙවත් තමන්ගේම කාබන් පියසටහන ගණනය කර ලෝකයට වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත්වී ඇත.

ඊට අදාළ ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් 20 වැනිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩල ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අනාවරණය කරගෙන ඇති පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සෘජු හා වක්‍ර ආකාරයෙන් විමෝචනය කරන වාර්ෂික හරිතාගාර වායු ප්‍රමාණය කාබන්ඩයොක්සයිඩ් ටොන් 3,838.56 ක් ලෙස ගණනය කර සත්‍යාපනය කර ඇත.

ප්‍රමිති සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජගත් කණහැරආරච්චි, සුපුන් ළහිරු ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment