හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක්

136

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත.

 සෞභාගයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම, ඉදිරි දශකය තුළ දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයාට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව උදා කිරීම හා පරිසර හිතකාමී වගා හඳුන්වා දීමට මෙමගින් කටයුතු කරන බව අවධාරණය කර ඇත.

 පසට හා ජලයට එකතු වන රසායනික අපද්‍රව්‍ය අවම කරමින්, ජීවනෝපාය මාර්ග තුළින් පරිසර හිතකාමී සෞඛ්‍යාරක්‍ෂිත හරිත කෘෂිකර්මාන්තයක් බිහි කිරීම රජයේ ප‍්‍රමුඛ පරමාර්ථයක් වේ. නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් පරිසර හිතකාමී කාබනික වගාවන් සිදු කිරීමෙන් තිරසර හරිත කෘෂිකර්මයක් කරා ගමන් කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රතිලාභ අත්කර ගැනීමට හැකියාවද අවධානයට ලක්කර තිබේ.

 පර්යේෂණ හා නව නිපැයුම් මගින් අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය අවම කිරීමට හා පරිසර හිතකාමී දේශීය පරිසර තත්ත්වයන්ට ගැළපෙන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දිරිගැන්වීම් ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගිය (15දා* මෙම කාර්ය සාධක බළකාය ස්ථාපනය කරනු ලැබිණි.

 විජිත් වැලිකල මහතාගේ සභාපතීත්වයෙන් යුත් කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සංඛ්‍යාව 14 කි. ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා මහතා කාර්ය සාධක බළකායේ ලේකම්වරයා ලෙස පත්කර ඇත. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

 විජිත් වැලිකල සභාපති, ලලිත් සෙනෙවිරත්න, එස්. කේ. බී. කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, ආර්. බී. රසික තුසිත කුමාර, ආචාර්ය බී. කේ. ජේ. කාවන්තිස්ස, සමන්ත ප‍්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්. එම්. කලීඞ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරවුගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment