හරින්ගෙන් පැය 5 ක් ප‍්‍රශ්න කරයි

614

‘‘පාස්කු ප‍්‍රහාරය ගැන මං පාර්ලිමේන්තුවේදී කරපු කතාවක් අල්ලගෙන මාව සී.අයි.ඞී. ගෙනල්ලා රස්තියාදු කරනවා. සරත් වීරසේකරට මං ප‍්‍රසිද්ධියේ අභියෝග කරනවා නිකන් එළියේ ඉඳන් චණ්ඩි පාර්ට් දාන්නෙ නැතිව මේ ගැන විවාද කරන්න ප‍්‍රසිද්ධ වේදිකාවකට එන්න කියලා’’ යැයි හිටපු ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 5 ක් තිස්සේ ප‍්‍රකාශ ලබා දී ඉන් පිටතට පැමිණීමෙන් පසු දිවයිනට ඊයේ (28 දා) මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

පාස්කු ප‍්‍රහාරයට අදාළව සිදුකළ ප‍්‍රකාශ කීපයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතාට දැනුම්දීමක් කර තිබිණි.

ඒ අනුව හරින් ප‍්‍රනාන්දු මහතා ඊයේ පෙරවරු 10.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

හරින් ප‍්‍රනාන්දු මහතා සමඟ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් ඒ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැුස්ව සිටියහ.

එහිදී හරින් ප‍්‍රනාන්දු මහතාගෙන් පැය 5 ක කාලයක් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් කටයුතු කළහ.

ප‍්‍රකාශ ලබාදීමෙන් පසු ඊයේ සවස 5.15 ට පමණ හරින් ප‍්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේය.

මෙහිදී ‘දිවයින’ට තවදුරටත් අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

‘‘පාස්කු ප‍්‍රහාරයේ නියම අපරාධකාරයො අල්ලන්නෙ නැතිව හැමදාම අපිව වටේ යවනවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ විවාදයක් කරන්න මං ලෑස්තියි. සරත් වීරසේකරට මං අභියෝග කරනවා ඕනෙම කෙනෙක් අරගෙන එන්න ප‍්‍රසිද්ධ විවාදයකට. එහෙම නැතිව එළියෙ ඉඳන් නිකන් අපට චණ්ඩි පාර්ට් දාන්න ලෑස්තිවෙන්න එපා’’ කියලා.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment