හරින්ගෙන් සජිත්ට දැඩි චෝදනාවක්

275


සමගි ජන බල පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන ප්‍රතිපත්තියක් නැතැයි සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අය වැය විවාදයට එක් වෙමින් අද පැවසීය.එනිසා ප්‍රතිපත්තියක් නැති නායකයෙක් සමග සිටීමෙන් තමාටද රටටද අනාගතයක් නැති නිසා ආණ්ඩුව සමග එක්වූ බව පැවසීය.විපක්ෂය කළ යුත්තේ අය වැය විවේචනය කිරීම නොව එහි අඩු පාඩු පෙන්වා දීම සහ විපක්ෂයේ අය වැයක් ඉදිරිපත් කිරීම යැයිද කීවේය.ලොරි ටෝක් දෙමින් පාර්ලිමේන්තුවේ කෑගැසීම නොව රට ගොඩ නැගිය හැකි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරීම සෑම දෙනාගේම වගකීම බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment