හරින්ගේ ගෙදරට පොලිසියෙන් එයි…. මේ මොන මගුලක්ද කියලා මට හිතාගන්න බැරිවුණා…

272

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට ඊයේ හදිසියේ පොලිස් භට කණ්ඩායමක් පැමිණ තිබේ.
 
 මේ පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මහතා
 
 වත්තල පොලිසියෙන් කියලා තිස්දෙනෙක් විතර මගේ ගෙදරට ආවා. මොකට ආවද කියලා හිතාගන්න බැහැ යැයි කීවේය.
 
 තමා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණියේ ද කියා සැකයක් පවතින බව ද හෙතෙම කීය.
 
 මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ ද කියා සිටියේය.
 
 මම අද උදේ ඉඳන් ගෙදරමයි හිටියේ. දවල් කෑම කාලා ටී වී එක බල බලා ඉන්න අතරේ සී සී ටී වී කැමරාවලින් දැක්කා ගේට්ටුව ඉස්සරහ පොලිස් යුනිෆෝම් ඇඳගත්තු නිලධාරීන් තිහක් විතර ඉන්නවා. මට හිතාගන්න බැරි වුණා මේ මොන ම`ගුලක්ද කියලා. පස්සේ මම ගේට්ටුව ඇරගෙන ගිහින් බැලූවා. එතන හිටපු නිලධාරියෙක් කිව්වා අපි වත්තල පොලිසියෙන් කියලා. එයා ඕ අයි සී කියලත් කිව්වා.
 
 මම ඇහුවා ඇයි මේ හදිසියේම කියලා. එතකොට ඕ අයි සී කිව්වා ඔබතුමාගේ ගෙදරට බස් එකකින් ලෝඞ් එකක් එනවා කියලා ආරංචි වුණා ඒකයි ආවේ කියලා. මට විරුද්ධව පිරිසක් උද්ඝෝෂණය කරන්න එනවා වගේ හැඟීමක් තමයි එම නිලධාරියා දුන්නේ.
 
 නමුත් පස්සෙ මට හිතුණා මෙතන වෙන දෙයක් තියෙනවා කියලා. මට හිතෙන විදිහට පොලිසිය ආවේ මාව අත්අඩංගුවට අරගෙන යන්න. නමුත් ඒ වැඬේ හරිගියේ නැහැ. වත්තල පොලිසියේ මේචර නිලධාරීන් පිරිසක් හිතාගන්න බැහැ. කොවිඞ් අස්සේ මෙච්චර ප‍්‍රශ්න තියෙද්දි මෙච්චර පොලිස් නිලධාරීන් පිරිසක් අපේ ගෙදරට ආපු එක මට තවම ප‍්‍රහේලිකාවක්. හිතාගන්න බැහැ පොලිසිය මාව හොයාගෙන ආවේ අයි කියලා. අන්තිමට පොලිසිය යන්න ගියා.
 
 අද දවසේ මම රැුස්වීමක් තියා සාකච්ඡුාවක් වත් ගෙදර පවත්වන්න යොදාගෙන තිබුණේ නැහැ.
 
 අප මේ සම්බන්ධයෙන් වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.
 
 හරින් ප‍්‍රනාන්දු මන්ති‍්‍රතුමාගේ ගෙවල් පැත්තට බස් එකක් පිරෙන්න පිරිසක් එනවා කියලා තොරතුරක් ලැබුණා. මේ නිසා අපි ඒ පැත්තට ගියා. ඒ ගිහින් බැලූවා. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ. මන්තී‍්‍රතුමා හමුවෙලා කතා කරලා ආවා. අපි මන්තී‍්‍රතුමාගේ ගේ පරීක්‍ෂා කළේ නැහැ. නමුත් මාධ්‍ය තුළ ගියා අපි එතුමාගේ ගේ පරීක්‍ෂා කළා කියලා. ඒක අසත්‍යයි. අපි ඇත්තටම ආවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් හරි රැස්වීමක් හරි පැවැත්වෙනවාද කියලා බලන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment