හරියන්නේ නැත්නම් ගෞරවාන්විතව යන්න-නාමල් ශී‍්‍රලනිපයට කියයි

369

ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ප‍්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප‍්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැුස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”‍ යැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටි.

ශ‍්‍රීලනිපය ආණ්ඩුව විවේචනය කිරීම පිළිබද මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීය.

”‍ ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප‍්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැුස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡුන්දය දුන්නේ මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න.

ඉතින් අවසානයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment