හරි තීරණ ගන්නවානම් ආණ්ඩුවට සහාය දීමට සූදානම්

93

ඉරාන් වික්‍රමරත්න

ආණ්ඩුවට සහාය දෙන ලෙස ඇතැම් අය කියන බවත් සාමාන්‍ය ජනතාව දුප්පත් ජනතාව හා වැඩ කරන ජනතාව රැකගන්නා හරි ආර්ථික තීරණ ගන්නවා නම් රජයට සහාය දෙන්න සූදානම් බවත් සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (19 දා) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වැඩියෙන්ම බලපාන්නේ දුප්පත් වැඩ කරන ජනතාවට යැයිද, එම නිසා ජනතාවට සිදුවන අසාධාරණයන් පිළිබඳ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද ජනතාව ආරක්‍ෂා කිරීමට රජය වහා ක්‍රියාකළ යුතු බවද විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment