හරීන්ගේ රිෂාඩ්ගේ මන්ත‍්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් රනිල් කතා කරයි

629

එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) විශේෂ ප‍්‍රකාශයක් කරමින් සමගි ජනබලවේගය මන්තී‍්‍රවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන්ගේ මන්තී‍්‍ර අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළේය.

පාස්කුදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියා විසින් කළ බව කියන ප‍්‍රකාශය මුල්කර ගනිමින් ද ත‍්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින බදුර්දීන් මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් සිදුකරන අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළ හැකි බව රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

ඉන්දීය බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරු අනුව කි‍්‍රයාත්මක නොවූ ශී‍්‍ර ලංකා පොලිසිය හරීන් ප‍්‍රනාන්දුගේ පියා කළ ප‍්‍රකාශය අසා කි‍්‍රයා කරයිද යනුවෙන් හෙතෙම ප‍්‍රශ්න කළේය.

මෙම ප‍්‍රකාශයට පිළිතුරු දුන් මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වී සිටි කාලයේ නීති විරෝධී ලෙස එෆ්සීඅයිඞී නමැති ඒකකය පිහිටුවන විට මන්තී‍්‍ර වරප‍්‍රසාද පිළිබඳ මතක් වූයේ නැද්දැයි විමසා සිටියේය. හරීන් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට වුවමනාවක් නැතැයිද රිෂාඞ් බදුර්දීන් මහතා රඳවාගෙන සිටින්නේ පාස්කු ප‍්‍රහාරයට අදාළ කරුණු නිසා බවද ඇමැතිවරයා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment