හරීන් අද සීඅයිඩියට

605

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා සමගි ජන බලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අද

(28 වැනිදා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඉකුත් 2019 වර්ෂයේ පාස්කු 21 වැනිදා බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවන බව පියා විසින් කළ හෙළිදරව්වක් පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීමට කටයුතු නොකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හරින් ප‍්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතාට දැනුම් දීමක් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙස ඉල්ලමින් හරින් ප‍්‍රනාන්දු මහතා අධිකරණය වෙත අපේක්‍ෂිත ඇප අයැදුම් පතක්ද ඉදිරිපත් කර තිබිණි.

එම අපේක්‍ෂිත ඇප අයැදුම්පත සලකා බැලූ අධිකරණය නියෝගකර තිබුණේ හරින් ප‍්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් මස 01 වැනිදා දින වනතෙක් කිසිම අත්අඩංගුවට ගැනීමක් කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී හිටපු ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට අදාළ ප‍්‍රකාශය ලබාදීමට කටයුතු කරන බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment