හරීන් සමාව ඉල්ලයි

1665

රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් මෙරට රඳවා තබා ගැනීම නිසා එම ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාව ගැන තමා ඔවුන්ගෙන් සමාව අයැද සිටින බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සංචාරක ඇමැතිවරයා පවසන්නේ මේ සිදුවීම අවාසනාවන්ත එකක් බවයි.

මේ ගැටලුව නිවැරදි කර කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද ඇමැතිවරයා එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment