හල්දුම්මුල්ල ජලපෝෂක වනාන්තර අක්කර දහසක් මුදලාලිලා බෙදාගෙන

248

හල්දුම්මුල්ල පහළ බෑවුමේ පිහිටි වේලිඔය අධි සංවේදී ජලපෝෂක වනාන්තර අක්කර දහසකට අධික ප්‍රමාණයක් එළි පෙහෙළි කිරීමට පටන් ගැනීම නිසා බලවත් පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ලෙස පවසා මෙම ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතර බෙදාදී ඇති නමුත්, මෙම ඉඩම් වැඩි කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර බවත්, මෙහි සිදුවන ඉඩම් අවභාවිතය නිසා වේලිඔය හා උඩවලව ජලාශවල ජලය හිඟ වීමෙන් සෘජුවම ගොවි පවුල් 5000 ක් පමණ අපහසුතාවට පත්වනු ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) සොරගුණේ ප්‍රදේශයේ පැවති ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුවය.

මෙම වනාන්තර හානිය නිසා උඩවලව සිට බෝගහපට්ටිය හරහා සොරගුණේ රක්ෂිතයට ඇතුළු වන අලි-ඇතුන්ට වනාන්තර අහිමිවීමෙන් අලි – මිනිස් ගැටුම් උග්‍ර වනු ඇතැයි පරිසරවේදී සමීර වීරතුංග මහතා පැවසීය.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment