හලාවත ඉරණවිල මුහුදු රළ රකුසු වී

116

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හලාවත – ඉරණවිල වෙරළ තීරය උග්‍ර ලෙස ඛාදනයට ලක් වෙමින් පවතී. එම වෙරළ තීරයේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් වෙරළ උතුරු දිශාවට මෙසේ ඛාදනය වේ.

වෙරළ තීරයේ මේ වනවිට ස්ථීර නිවාස දෙකක් හා වෙළෙඳසැලක් මුළුමනින්ම විනාශ වී ඇති අතර තවත් නිවාස කීපයක් කැඩීයෑමේ තර්ජනයට ලක්ව ඇත. තාවකාලික නිවාස කීපයක් ද විනාශ වී තිබේ. පොල් ගස් රැසක් මුහුදට බිලි වීමේ තර්ජනයටද ලක්ව ඇත.

හලාවත වෙන්නප්පුව දක්වා ගමන් ගන්නා මුහුදුබඩ මාර්ගය ආසන්නයටම වෙරළ ඛාදනය වෙමින් තිබීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් මාර්ගයටද දැඩි අලාභ හානි වීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට වසර කිහිපයකට පෙර ඉදිකර තිබෙන ආරක්ෂිත ගල් වැටිද මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් කැඩී ගොස් තිබේ. අදාළ බලධාරීන් කඩිනමින් මේ සම්බන්ධව අවධානය යොමුකර විසඳුමක් ලබාදෙන මෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment