හලාවත එන්නත් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කරන්න… පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය

237

හලාවත කොක්කාවිල එන්නත් මධ්‍යස්ථානයකදී නීති විරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (27 දා* මේ පිළිබඳව අදහස් දැක්වූ ඇය මෙසේ ද කියා සිටියාය.

හලාවත මේ සිදුවීම ඉතාම කනගාටුදායක සිද්ධියක්. මේ උත්තරීතර සේවාවක් සිදුකරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට මේ වගේ සිදුවීම් ඉතා අගෞරවයක්. අවමානයක්. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය හැටියට අපි කියනවා මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරලා මේ සිදුවීම සත්‍ය නම් ඊට සම්බන්ධ නිලධාරීන්ට දෙපාර්තමේන්තු නියෝග කි‍්‍රයාත්මක කරන්න කියලා.

ඒ වගේම මේ මාධ්‍යයෙන් කරන හෙළිදරව්වත් එක්ක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් යැයි කියන කෙනා පෙනී සිටින්නේ වර්තමානයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අඳින නිල ඇඳුමින් නොවෙයි. එතකොට අපිට ඒකත් ප‍්‍රශ්නයක්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment