හලාවත එළවළු වෙළෙන්දෝ විරෝධතාවක

67

හලාවත එළවළු වෙළෙඳ පොළේ වෙළෙඳුන් හලාවත නගර සභා භූමියට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

ඒ හලාවත ප‍්‍රාදේශීය සභාවට අයත් හලාවත නගරයට ආසන්න ස්ථානයක මහා පරිමාණ තොග එළවළු වෙළෙඳ පොළක් පවත්වාගෙන යෑමට විරෝධය දක්වමිනි.

හලාවත එළවළු වෙළෙඳ පොළේ වෙළෙඳුන් පන්සීයකට ආසන්න පිරිසක් මෙම විරෝධතා වැඩසටහනට සහභාගී වූ අතර ඔවුන් පවසා සිටින්නේ මෙලෙස මහා පරිමාණ ලෙස එළවළු වෙළෙඳපොළ පවත්වාගෙන යාමෙන් ඔවුනගේ ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි. පැය තුනකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැත්වූ අතර ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හලාවත ආසන සංවිධායක පාලිත රෝහණ මහතා පැමිණ මෙම සිද්ධියට නිසි විසඳුමක් ලබා දෙන බව සඳහන් කිරීමෙන් අනතුරුව උද්ඝෝෂකයින් පිරිස විසිර ගියහ. උද්ඝෝෂකයින් විසින් අත්සන් කරන ලද පෙත්සමක් ද පාලිත රෝහණ මහතාට මෙහිදී භාරදීම සිදු විය.

අමරනන්ද විජේසේකර-මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment