හලාවත මුහුදු තීරයේ සැරිසරන දැවැන්ත කිඹුලෙක්: වනජීවියට එන්න ප‍්‍රවාහන පහසුකම් නැතිලු!

968

හලාවත බරුදැල්පොළ මුහුදු තීරයේ දින කීපයක සිට සැරිසරන දැවැන්ත කිඹුලකු නිසා එම ප‍්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇත.

අඩි පහළොවක් පමණ දිගින් යුත් මෙම දැවැන්ත කිඹුලා දින කීපයක සිට මෙම මුහුදු තීරයේ සැරිසරන බව ධීවරයන් පවසති.

මීට සතියකට පමණ පෙර ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේ දැලකට මෙම කිඹුලා හසුවීමෙන් පසු වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කළ බවත්, වනජීවී නිලධාරීන් ඒ ගැන අවධානයක් යොමු නොකිරීම නිසා නැවත මුදාහැරිය බවද ධීවරයන් කියා සිටිති.

කෙසේ වෙතත් කිඹුලා වෙරළ තීරයට නිරන්තරයෙන් පැමිණෙන බවත්, එම අවස්ථාවේ ධීවර ජනතාව වනජීවී නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් පැමිණිය නොහැකි බව ඔවුන් පවසන බවද ධීවරයන් වෝදනා කරයි.

රාත‍්‍රී කාලයේ මෙම කිඹුලා වෙරළ තීරයට පැමිණෙන බවත්, තෙප්පන් රැුකියාවේ නිරත වන ධීවරයන් උදෑසන ධීවර කටයුතුවලට පිටත්ව යෑම දැන් ගැටලූ සහගත තත්ත්වයක් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

මෙම වෙරළේ කුඩා ළමුන් නිරන්තරයෙන් ගැවසෙන අතර බොහෝ දෙනෙක් දිය නෑමට පැමිණෙති. විදේශීය හෝටල් කිහිපයක් ද පිහිටා ඇති මෙම වෙරළ තීරයේ විදේශිකයන් මෙම මුහුදු තීරයේ දිය නෑමට බිය වේ. මේ හේතුවෙන් එම හෝටල්වල

රැුඳී සිටින ඇතැම් විදේශිකයන් වෙනත් ප‍්‍රදේශවල හෝටල්වලට යෑමට කටයුතු කළ බවද හෝටල් හිමිකරුවන් පැවසූහ.

පවතින අවදානම් තත්ත්වය මත ධීවර කටයුතු පවත්වා ගැනීම ගැටලූවක් බවත්, කඩිනමින් මෙම කිඹුලා අල්ලාගෙන වෙනත් ප‍්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කරන මෙන් ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක් අතර මැතිව් පීරිස් පැවසුවේ,

‘‘අපි මේ ධීවර වරායේ තෙප්පන්වලින් තමයි මාළු අල්ලන්න යන්නේ. අපි හරි අසරණ වෙලා ඉන්නේ. වෙරළ දිගේ කිඹුලා ගිය පාරවල් උදේට දකිනවා.

පහුගිය කාලේ විදේශිකයෝ නාන්න ආවා. දැන් විදේශිකයොත් එන්නේ නෑ.’’

ස්වර්ණලතා – ‘‘අපේ ළමයි මූදට එනවා සෙල්ලම් කරනවා. ඉතින් හරිම බයෙන් තමා අපි දැන් ජීවත් වෙන්නේ මොකද ළමයි පොඩියි. අපි කියන්නේ ඉක්මනින්ම ගොඩ අරන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න කියලා’’

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment