හලාවත සහ අනුරාධපුර රාජපක්‍ෂ පෙළපාලිවලට ජන විරෝධය!

579

පොලිසිය මැදිහත් වී  ගැටුම් වළක්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් සංවිධානය කළ පෙළපාලි දෙකකට එල්ලවූ ජනතා විරෝධතා නිසා ඊයේ හලාවත නගරයේ සහ අනුරාධපුර නගරයේ ඇතිවීමට ගිය ගැටුම්කාරී සිද්ධීන් දෙකක් පොලිසිය මැදිහත්වීමෙන් නතර කර දැමීය.

හලාවත සහ අනුරාධපුර රාජපක්‍ෂ පෙළපාලිවලට ජන විරෝධය!

මෙම නගර දෙකේ ආණ්ඩුවට සහාය දැක්වු පිරිස හා ඊට විරෝධය පළකරමින් කටයුතු කළ දෙපාර්ශවයම පාලනය කිරීම සඳහා පොලිසිය හා කැරලි මර්දන පොලිසියේ හයසීයක පමණ බලඇණිවල සහාය ලබාගැනීමට සිදුවී තිබිණි.

හලාවත සහ අනුරාධපුර රාජපක්‍ෂ පෙළපාලිවලට ජන විරෝධය!

මින් එක් පෙළපාලියක් සංවිධානය කර තිබුණේ උතුරු මැද හිටපු මහ ඇැමති එස්. එම්. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ගෙදර නොයන ලෙස කියමින් එම පෙළපාලිකරුවන් අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය ඉදිරිපිටින් පාගමන ආරම්භ කර අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව වටරවුමට එන විට ඊට එරෙහිව තවත් පාර්ශවයක් හූ කියමින් විරෝධය පළ කරන්නට වූහ.

හලාවත සහ අනුරාධපුර රාජපක්‍ෂ පෙළපාලිවලට ජන විරෝධය!

ආණ්ඩුවට සහාය පළ කෙරෙන අනෙක් පාගමන හලාවත නගරයේ පැවති අතර එය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හලාවත නගරයේ සමගි ජනබලවේගය මගින්ද ආණ්ඩුවට එරෙහිව ඊයේ (11වැනිදා) එම නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. මෙම දෙපාර්ශවය අතර ඇතිවු උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පමණක් පොලිස් නිලධාරීන් හා කැරලි මර්දන පොලිසියේ 300 ක් පමණ යෙදවීමට සිදු වූ බව හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලන්ත බණ්ඩාර මහතා “දිවයින”ට පැවසීය.

ජනාධිපතිට හා ආණ්ඩුවට සහාය පළ කරමින් අනුරාධපුර පැවති පාගමන අවසානයේ එම ස්ථානයට පැමිණි අනුරාධපුර ශ්‍රාවස්තිපුර අලුත්වැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමිපාණන් ඇතුළු කිහිප දෙනෙකු මෙම පාගමන පැවැත්වූ අයට විරෝධය පළ කළ අතර එහිදී යම් කලහකාරී සිදු වීමක් ඇති වීමට පෙර උන්වහන්සේ එම ස්ථානයෙන් පිටත් කර හැරීමට පොලිසිය පියවර ගත්තේය.

ඉන් අනතුරුව එම ස්ථානයේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරෝධය පළ කරමින් අදහස් දැක්වීමේදී රැස්ව සිටි පිරිස් එම පුද්ගලයාට පහරදීමට තැත් කළහ. එහිදී අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම පුද්ගලයා තම භාරයට ගෙන කලහාකාරී පිරිස් පලවා හැරීමට කටයුතු කළහ.

පාගමනේ යෙදුණු පිරිස් ගමන් කිරීමට සූදානමින් තිබූ නව බස් නැවතුම්පොළ අසල පිරිසක් “ඉතිරි ගව සම්පතට දන්සලක්” යනුවෙන් පුවරුවක් සවි කර මේසයක් මත තණ කොළ සහ පුන්නක්කු තබා තිබූ අතර සංවිධානය අනුරාධපුර තරුණ කැළ යනුවෙන්ද සටහන් කර තිබිණි. මෙහිදී යම් කලහාකාරී තත්ත්වයක් ඇතිවීමට මත්තෙන් එය ඉවත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

හලාවත නගරයේ 11 දින දහවල් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආධාරකරුවන් පිරිසක් රජයට සහාය පළ කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබියදී එයට විරෝධය දක්වා රජයේ ක්‍රියා කලාපය හෙළා දකිමින් සමගි ජනබලවේගය ආධාරකරුවන් පිරිසක් ඒ ආසන්නයේදීම විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

එම විරෝධතා දෙක හලාවත නගරය තුළම සංවිධානය කර තිබීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

කෙසේ වෙතත් මෙම විරෝධතා දෙකට එක් වු පිරිස් හූ කියමින් කලහකාරී ලෙස හැසිරීමත් සමග පැය කීපයක් නගරය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමට හලාවත කොට්ඨාසයේ පොලිස් කැරලි මර්දන ඒකක හතරක් සීරුවෙන් තබා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි විය.

මේ සඳහා පොලිස් නිලධාරීන් 300 ක කණ්ඩායමක් හලාවත නගරයේ දැඩි රැකවල් යොදමින් විරෝධතා දෙකෙහිම පිරිස් මහත් පරිශ්‍රමයකින් පාලනය කිරීමට කටයුතු යොදා තිබිණි.

පැය කීපයක් ස්ථාන දෙකක පැවති විරෝධතා අවසන් කර කණ්ඩායම් දෙකම ගැටුමකින් තොරව පිටත් කිරීමට පොලිසිය සමත් විය.

මිහින්තලේ – රංග චතු,මහවැව – අමරනන්ද විජේසේකර, හලාවත – කමල් ප්‍රියංකර සහ  හලාවත- ස්වර්ණශ්‍රී මහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment