හලියද්ද කී‍්‍රඩා පිටියට ඉන්දීය ‘බහිරවයෝ’ ඇවිත් මහ රැ වෙනතුරු ‘ගිනිවිජ්ජුම්බරයක්’

148

* ඉන්දියානුවෝ කී‍්‍රඩා පිටිය මැද  කොන්කී‍්‍රට් දාලා

* තරුණයෝ ඉන්දියානුවන් පිරිස හා වාහන කොටුකර ගනිති


ඉන්දියානු සමාගමක් විසින් ගම්පොළ, දොළුව, හලියද්ද ක‍්‍රීඩාපිටිය මැද කොන්ක‍්‍රීට් දමා මුරකුටි සකස් කර එම ක‍්‍රීඩාපිටිය අල්ලා ගැනීමට ගත් උත්සාහයකට විරුද්ධ වූ ප‍්‍රදේශයේ තරුණ පිරිසක්, පැමිණ සිටි ඉන්දියානු ජාතිකයන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවකු මෙන්ම ඔවුන්ගේ වාහන දෙකක් පැය පහක් පුරා පෙරේදා (8 දා) රාත‍්‍රියේ දී රඳවා තබා ගනිමින් එම කොන්ක‍්‍රීට් තොගය ක‍්‍රීඩා පිටියෙන් ඉවත් කරන ලෙස බල කර සිටීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

හලියද්ද කී‍්‍රඩා පිටියට  ඉන්දීය ‘බහිරවයෝ’ ඇවිත් මහ රැ වෙනතුරු ‘ගිනිවිජ්ජුම්බරයක්’

මෙහිදී මෙම තරුණ පිරිස කියා සිටියේ ප‍්‍රදේශයේ පාසල් හතරක දරු පිරිසකට හා දොළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අවට ගම්මාන 15ක පිරිසකට ඇති එකම ක‍්‍රීඩාපිටිය මෙසේ වෙනත් කාර්යයක් සඳහා ලබා දීමට නොහැකි බවයි.

මීට පෙර මෙම ප‍්‍රදේශයේ තිබූ අක්කර පහක් වූ කවුඩුපිටිය ක‍්‍රීඩාංගණය ද මෙයාකාරයට ඇඟලූම් කර්මාන්තශාලා හිමියකුට විකුණා ඇති බවත් පැවසූ තරුණ පිරිස ගම්පොල සිට දොළුව හරහා පේරාදෙණිය දක්වා ඇති ප‍්‍රදේශයේ එකම ක‍්‍රීඩාපිටිය වන මෙයට ද එවැනි ඉරණමක් අත්වීමට ඉඩ ලබාදිය නොහැකි බව සඳහන් කළහ.

හලියද්ද කී‍්‍රඩා පිටියට  ඉන්දීය ‘බහිරවයෝ’ ඇවිත් මහ රැ වෙනතුරු ‘ගිනිවිජ්ජුම්බරයක්’


මෙරට සිටි අග‍්‍රාමාත්‍යවරයකු වූ දි.මු. ජයරත්න මහතාගේ අවසන් කටයුතු පවා මෙම ක‍්‍රීඩාංගණයේ සිදු කර ඇති බව ද මොවුහු පෙන්වා දුන්හ.

මෙම ඉන්දියන් සමාගමේ පිරිස් පෙරේදා සවස් වරුවේ ක‍්‍රීඩා පිටිය වෙත පැමිණ කොන්ක‍්‍රීට් යන්ත‍්‍රයක් යොදා පිටිය මැද කොන්ක‍්‍රීට් කරමින් සිටියදී ක‍්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ක‍්‍රීඩා පිටිය තම කොන්ත‍්‍රාත් සමාගමට ලබාදී ඇති බවයි.

හින්දි භාෂාවෙන් හා ඉංග‍්‍රීසියෙන් කතා කළ ඔවුන් පවසා ඇත්තේ දොළුව ප‍්‍රාදේශීය ලේකම්වරිය මෙම ස්ථානය ලබා දී ඇති බවයි.

ඒ අතර මෙම ස්ථානයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොල උඩපලාත ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී දිනුක රත්නායක මහතා ද පැමිණි අතර ඔහු දොළුව ප‍්‍රාදේශීය ලේකම්වරියට පවසනු ලැබුවේ මෙම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් පවතින නිසා එයට මැදිහත් වන ලෙසය. ඉන්දියන් ජාතිකයන් සමග ද ඔහු සාකච්ඡුා කළේය. තරුණ පිරිස පවසා සිටියේ පිටිය මැදට දමා ඇති සිමෙන්ති අයින් කරන තුරු ඔවුන්ට යෑමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර මෙම ස්ථානයට සමගි ජන බලවේගයේ ගම්පොල ආසන සංවිධායක අසේල අමරසේන මහතා ද පැමිණි අතර ඔහු ද ප‍්‍රාදේශීය ලේකම්වරියට දන්වා සිටියේ ප‍්‍රදේශයට ඇති එකම ක‍්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙසයි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ද මෙම ස්ථානයට පැමිණ ඉන්දියන් ජාතිකයන් බේරා ගැනීමට උත්සාහ කළත් තරුණ පිරිස ඔවුන් සියල්ලම රඳවා තබා ගනිමින් පිටිය මැදට දමා ඇති කොන්ක‍්‍රීට් අයින් කරන ලෙස දැන්වූහ.

පසුව රාත‍්‍රියේ නමයට පමණ ඉදිකිරීම් යන්ත‍්‍රයක් ගෙන්වා එම කොන්ක‍්‍රීට් තට්ටුව ඉවත් කරන ලදී.

මේ පිළිබඳව දොළුව ප‍්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මියගන් කරුණු විමසීමේදී ඇය පවසා සිටියේ ඉන්දියන් සමාගමක් හා විදුලිබල මණ්ඩලය එක්ව සිදුකරන ව්‍යාපෘතියකට මෙම ස්ථානය ඉල්ලා ඇති බවයි. දිස්ත‍්‍රික් කමිටුවේ හා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගත් තීරණයකට අනුව මෙම ක‍්‍රීඩාපිටියේ කොටසක් ඔවුන්ට ලබා දුන් බව ද ඇය කීවාය.

ළමුන්ගේ ක‍්‍රීඩා කටයුතුවලට බාධා නොවන ලෙස එය පරිහරණය කරන ලෙස කීවත් මෙවැනි දෙයක් සිදු වී ඇති නිසා මෙය තාවකාලිකව නවතා දමා ඉදිරියේදී සාකච්ඡුාවකින් පසු තීන්දුවක් ගන්නා බව ද ඇය සඳහන් කර සිටියාය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment