හවසට වැස්ස

90

බස්නාහිර, සබරගමුව, මධ්‍යමල දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ දකුණු පළාත්ව වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව අතර ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment