හවායි මවුනා ලෝවා ගිනිකන්ද වසර 40 කට පසු පුපුරයි

332

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායිහි මවුනා ලෝවා වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබේ.

මෙතෙක් ලාවා ගැලීම බොහෝ දුරට කඳු මුදුන තුළ පමණක් වන නමුත් ප්‍රදේශවාසීන් සීරුවෙන් තබා ඇති අතර අළු වැටීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා ආයතනය පවසා ඇත්තේ මේ තත්ත්වය වේගයෙන් වෙනස් විය හැකි බවයි.

ඇමෙරිකාවේ හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මවුනා ලෝවා, එරට විශාලම දූපතෙන් අඩක් ආවරණය කරයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ක් උස වන අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිදේ.

මවුනා ලෝවා ගිනිකන්ද ඉරිදා (27දා) රාත්‍රියේ පුපුරා ගොස් තිබේ. එය 1843 සිට 33 වතාවක් පුපුරා ගොස් ඇත. මීට පෙර 1984දී පුපුරා යෑමෙන් දිවයිනේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන හිලෝ සිට සැතපුම් 5 ක් ඇතුළත ලාවා ගලා ගියේය.

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment