හවාලා, උණ්ඩියල් ක‍්‍රමයට ඩොලර් මිලියන 10කට වඩා දිනපතා ලංකාවට එයි

634

හවාලා සහ උණ්ඩියල් ක‍්‍රමයට සියලූ රටවලින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනිකව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.

ඉතාලිය, ඩුබායි, එංගලන්තය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල සිට මෙම නීති විරෝධී ක‍්‍රමයට මුදල් ගනුදෙනු සිදු වේ. උණ්ඩියල් සහ හවාලා නීති විරෝධී මූල්‍ය ක‍්‍රම වන බැවින් මුදල් අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක මූල්‍ය බුද්ධි ඒකකය මගින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සමග මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරයි.

මෙම නීති විරෝධී මූල්‍ය ගනුදෙනුව ශී‍්‍ර ලංකා මහ බැංකුව නියාමනය කළ යුතු වුවත් දේශපාලකයන්, බැංකු නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ප‍්‍රබල පාර්ශ්ව මෙයට සම්බන්ධ වී සිටින නිසා නිසි නියාමනයක් සිදු නොවන බව ආරංචි මාර්ග කියයි. කොවිඞ් වසංගතයට පෙර උණ්ඩියල් සහ හවාලා ක‍්‍රමයට මුදල් ගෙන ඒම ශී‍්‍ර ලාංකිකයන් කිහිපදෙනකු සිදුකළත් මහ බැංකුව විනිමය අනුපාත යාවත්කාලීන නොකරන නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 203 කට සීමාකර ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටී. එහෙත් වෙළඳපොළේ ඩොලරය අලෙවි වන්නේ 246 කට බවත් ඉන් උණ්ඩියල් ්කරුවන් රුපියල් 43 ක ලාභයක් ලබන බවත් එම ආරංචි පෙන්වා දෙයි. මෙම ජාවාරම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ආයතන කිහිපය නිසි ලෙස සම්බන්ධීකරණයක් නොමැතිවීම නිසා උණ්ඩියල් ක‍්‍රමයට මුදල් ගෙන ඒම සම්බන්ධයෙන් පියවර ගැනීමට නොහැකි වී තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment