හෂාන්ට කොවිඩ් දසුන්ට දැන් සුවයිලු

313

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා කොවිඞ් රෝගය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

හෂාන් තිලකරත්න මහතාගේ කටයුතුවලට සහය වන දත්ත විශ්ලේෂක, කොවිඞ් ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් පසුව සිදු කළ පරීක්‍ෂණයේදී තිලකරත්න මහතා ද කොවිඞ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා තරගාවලිය ඉලක්ක කරගෙන පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම පිණිස ලබන සතියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මැලේසියාවේදී පැවැත්වෙන එම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කාන්තා කි‍්‍රකට් කණ්ඩායම 16 දෙනකුගෙන් යුක්ත වේ.

හෂාන් තිලකරත්න මහතා වෙනුවට කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලංකා සිල්වා මහතා එක්වීමට නියමිත අතර බොහෝදුරට තිලකරත්න මහතා තරගාවලිය අතරතුරදී කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර කොවිඞ් ආසාදිත බවට වාර්තා වූ ශී‍්‍ර ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක දැන් සුවය ලබා ඇති බව වාර්තා වේ. සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් දසුන් ශානක ඒ බව සඳහන් කර ඇත.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment