හසකැලූම් සගවා තබා හයිසින්ත් අක්කා නික්ම යන්නීය…

473

ප‍්‍රවීණ චිත‍්‍රපට, වේදිකා සහ ටෙලි නාට්‍යරංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න අද දින ෙටිනාට්‍ය රූගත කිරීමක් අවසන් කර නැවත කොළඹ පැමිණෙමින් සිටියදී නුවරඑළිය තලවාකැලේ මාර්ගයේ සිදුවූ හදිසි රිය අනතුරකින් සිය ජීන්‍න ගමන නිමා කළාය.
 
 සීතා රෝහිණි රත්වත්තේ නිෂ්පාදනය කළ පෙම්බර මධු චිත‍්‍රපටය ඇගේ මුල්ම සිනමා රංගනයයි. එහි අධ්‍යක්‍ෂ සුගතපාල සෙනරත් යාපාගේ හඳුන්වාදීමෙන් එහි මේනකා නම්වූ උප ප‍්‍රධාන චරිතය ර`ගපාමින් සිනමාවට එක්වූ ඇය කරුමක්කාරයෝ කිරි මදු වැල් ගෙදර බුදුන් අම්මා, සලඹක් හඩයි වන බඹරා විජය ගීතා ක‍්‍රිස්තු චරිතය ඉන්දුට මල් මිටක්, තුන්වැනි යාමය , සුරබිදෙන, බිතු සිතුවම් වැනි චිත‍්‍රපට රැසක රගපෑවා.
 
 වේදිකාවේ ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළ ඇය පුංචි තිරයට එක්වූයේ ඞී. බී. නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු ටෙලි නාට්‍යයෙනි සුළ`ග සුබ ප‍්‍රාර්ථනා හිම රාත‍්‍රිය ප‍්‍රමාද වැඩියි, චාතුර්යා බට්ටි, වැනි ටෙලිනාට්‍ය රැුසක රංගනයෙන් දායක වූ ඇය දැන් වඩාත් බුහුමනට ලක්වන්නේ ටෙලි නාට්‍යවල මවගේ චරිතය නිරූපණය කරමින් ය. ඇගේ එකම පුතු ශිරාන් ද කුඩා කල රංගනයේ යෙදුනු අතර ඔහුගේ දෙවැනි  ගමන විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ මවිසිනි. මෑතකදී ඇය කළ චරිත අතර හෝ ගානා පොකුණ චිත‍්‍රපටයේ ගුරුගෙදර හාමිනේ අනගාරික ධර්මපාල ශ‍්‍රීමතාණෝ චිත‍්‍රපටයෙය් ධර්මපාලතුමාගේ මව සහ අප්පට සිරි චිත‍්‍රපටයේ ප‍්‍රහසනාත්මක චරිතය වැනි චරිතයන් මතකයේ රැඳේ.
 
 හයිසින්ත් අක්කාගෙ ආදරණීය සැමියා අයිවන් විජේරත්න ගැන මගේ මතකය අතීතයට දිව යැයි. ඒ මගේ පියාගේ බාල සොයුරෙකු වන අර්වින් බාප්පා සහ ඔහු එකට සේවය කර ඇති අතර එකල අර්වින් බාප්පා හයිසින්ත් අක්කා සහ ඇගේ සැමියා ගැන විස්තර පවසනවා මතකය.
 
 වෛද්‍ය සංජය හෙයියන්තුඩුවගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සමස්ථ ලංකා වකුගඩු සංගමයේ ප‍්‍රබල ක‍්‍රියාකාරී සාමාජිකාවක් වන හයිසින්ත් අක්කා, පොහොය දිනයන්හි කැලණිය පන්සලේත්, අනුරාධපුර ශ‍්‍රීමා බෝධිය සහ රුවන්වැලිසෑය අසලද ඒ සම්බ්නධව නිකුත් කරන පුවත්පත් විකුණමින් එම අරමුදල තර කිරීමට ලබාදෙන අනුපමේය සහයෝගය ද ඉතා අගය කළ යුතුව ඇත.
 
 මට ඇයව අවසන් වරට හමුවූයේ ද ලෝක වකුගඩු දින සැමරුමේ වන අතර එදිනගත් ඇගේ නවතම ඡායාරූප ඇයට තිළිණ කිරීමට නොහැකි වීම දරාගත නොහැකි ශෝකයකි. මියයන විට ඇය සිය 75 වැනි වියෙහි පසුවූවාය.
 
 මේ ජීවන ගමන් මගේ සංසාර සුජීවනයේදී යළිඳු මෙවන් අකල් මරණයක් ඇයට හිමි නොවේවායි පතන අතරම නිවන් සුව වැඩි ඈතක නොවේවා යැයි පතමි.
 
 ඡායාරූප සහ සටහන  දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment