හසරංග සහ චමීර ආර්.සී.බී. හා එක්වෙති

689

ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන කී‍්‍රඩක වනිඳු හසරංග සහ ආරම්භක වේගපන්දු යවන කී‍්‍රඩක දුෂ්මන්ත චමීර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වී තිබේ. එ් අනුව වනිඳු සහ චමීර් ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය ඉතිරි තරග සඳහා එම කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

හසරංග සහ චමීර ආර්.සී.බී. හා එක්වෙති

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු හසරංගගේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 22කට කඩුලූ 33ක් බිඳ දමා තිබේ. එම ලැයිස්තුවේ විසිවැනි ස්ථානයේ පසුවන දුෂ්මන්ත චමීර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 28කදී කඩුලූ 30ක් බිඳ දමා තිබේ.

කී‍්‍රඩකයන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේදී අතරමග නතර කර දැමූ ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන සැප්තැම්බර් මස 19 වැනිදා සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යයයේදී නැවත ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට වනිඳු හසරංග ආදේශ කර ඇති අතර ඩැනියෙල් සැම්ස් වෙනුවට දුෂ්මන්ත චමීර අදේශ කර තිබේ. ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය මේ දක්වා තරග 7කට සහභාගි වී ඇති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එහිදී තරග 5ක් ජය ගනිමින් මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment