හස්රමුල්ලාගෙන් පන්දු 17 කදී අර්ධ ශතකයක්

255

පකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ පෙරේදා (15දා) පැවැති තරගයකදී පන්දු 17 කදී අර්ධ ශතකයක් ලබාගැනීමට පෙෂාවර් ශල්මි කණ්ඩායමේ හස්රමුල්ලා ශශෙයි සමත් වූවේය.
 
 කරච්චි කිංග්ස් කණ්ඩායම පන්දු වාර 20 කදී කඩුලූ 9 ක් දැවී රැස් කළ ලකුණු 108 ඉලක්කය හඹා යමින් ඉනිම ආරම්භ කළ හස්රමුල්ලා එම දස්කම ප‍්‍රදර්ශනය කළ අතර ඔහු පන්දු 26 කදී ලකුණු 63 ක් ලබා ගත්තේය.
 
 හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ හස්රමුල්ලාගේ එම ඉනිම නිසා පෙෂාවර් ශල්මි කණ්ඩායමට කඩුලූ 6 ක ජයග‍්‍රහණයක් හිමිවිය. වහබ් රියාස් සහ අබර් අහමඞ් පෙෂාවර් ශල්මි කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment