හස කැලුම් සගවා තබා නිකම ගිය හයසින්ත් – රියැදුරුට නින්ද යාමෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළිලා

425

hayasin wijeratne6

රූගත කිරීමක් අවසන් කර (31) දින අලූයම වෑන් රථයකින් කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී රිය අනතුරකින් මිය ගිය ප‍්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත (31) දින පස්වරුවේ යොමු කෙරිණ.

hayasin wijeratne2හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත වෑන් රථය හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ කොත්මලාඔය දෙසට (31) දින අලූයම 12.10 ට පමණ පෙරලී ඇත.

hayasin wijeratne5අනතුර සිදු වීමත් සමග එම ස්ථානයට ළගා වූ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි ප‍්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මිය අනතුර සිදු වූ ස්ථානයේ සිට ප‍්‍රධාන මාර්ගයට ත‍්‍රිරෝද රථයකින් රැගෙන විත් සුවසැරිය ගිලන් රථයට නංවන අවස්ථාවේත් ඇයට සිහිය තිබූ බවත් තුවාලකාරිණිය ලිදුල ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ප‍්‍රතිකාර ලබා දෙමින් සිටියදී ජිවිතක්‍ෂයට පත් වී සිටි බවයි ලිදුල පොලිසිය කියා සිටියේය.

hayasin wijeratne4ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යාම නිසා වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වී ඇති බවත්, අනතුරෙන් රියදුරාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුර පිළිබඳව පරික්‍ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියදුරා නුවරඑලිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස (03) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළහ.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මාවනැල්ල අරණායක ප‍්‍රදේශයේ පදිංචි අරුණ කුමාර මධුරංග (20) නමැති අයෙකි.

අනතුරට පත් වෑන් රථය (31) දින පස්වරුවේ ලිදුල පොලිසිය විසින්  ගොඩගනු ලැබූහ.

මේ අතර අභාවප‍්‍රාප්ත වූ හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (4) සවස මහබාගේ වත්තලධී සිදුකිරීමට නියමිතව ඇත.

ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් – ජනපති ශෝක පණිවිඩයකින් කියයි

 
 පුංචි තිරයේ හා රිදී තිරයේ විවිධ චරිත තුළින් සිය කුසලතා පූර්ණ රංගන ප‍්‍රතිභාව ඔප් නැංවූ ප‍්‍රවීන රංගන ශිල්පිනී හයිසින් විජේරත්න මහත්මියගේ හදිසි අභාවය මෙරට කලා ක්‍ෂේ‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ෆේස්බුක් සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර සිටිති.
 
 ඇයගේ නික්ම යාම කලා ක්‍ෂේත‍්‍රය තුළ පිරවිය නොහැකි තරම් හිස් තැනක් ඉතිරි කරනු ඇති බව තම විශ්වාසය බවද ජනාධිපතිවරයාගේ එම සටහනෙහි දැක්වේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment