හෆීස් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් යයි

142

වසර 18ක් තිස්සේ පාකිස්තානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මොහොමඞ් හෆීස් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

 2003 වසරේ පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනිමින් මුල් වරට ජාත්‍යන්තර ක‍්‍රිකට් පැමිණි හෆීස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55ක්, ජාත්‍යන්තර එක්දින තරග 218ක් සහ විස්සයි විස්ස තරග 119ක් ක‍්‍රීඩා කොට තිබේ.

 මුල්පෙළ පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් තුන් ඉරියව් දස්කම් දක්වන හෆීස් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ ශතක 22ක් සහ අර්ධ ශතක 64ක් සමඟ මුළු ලකුණු 12,780ක් ලබාගෙන තිබෙන අතර ඔහු දවාගෙන තිබෙන මුළු ජාත්‍යන්තර කඩුලූ ගණන 253කි.

 කෙසේ නමුත් ඔහු ක‍්‍රිකට් ලීග් සඳහා තවදුරටත් ක‍්‍රීඩා කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment