හාමුදුරුවන්ට පිහියෙන් ඇනලා වාහනය පැහැර ගන්න හදලා

530

කොස්වත්ත පොලිස් වසමට අයත් බෝතලේගම සාම විහාරස්ථානයට මේ මස 29 වැනිදා රාති‍්‍රයේ ඇතුළු වී ඇති නාඳුනන තරුණයන් තිදෙනකු විහාරාධිපති හිමියන් අවදි කර වාහනයේ යතුර ඉල්ලා ගෙන පිහියෙන් ඇන එම ස්ථානයේ නවතා තිබූ උන්වහන්සේට අයත් මෝටර් රථය පැහැරගෙන යෑමේ උත්සාහයක යෙදී ඇතැයි කොස්වත්ත පොලිසිය කියයි.

මෙම සිද්ධියට මුහණ දී ඇත්තේ බෝතලේගම සාම විහාරස්ථානාධිපති පූජ්‍ය බෝතලේගම සංඝරත්න නාහිමියන්ය.

මෙම ස්ථානයේ සීසීටීවී කැමරා සවිකර ඇති නිසා සැකකරුවන් ඉදිරියේදී අත්අඩංගුවට ගත හැකි වෙතැයි පොලිසිය කියයි. නාඳුනන තරුණයන් විසින් අදාළ වාහනයේ යතුර හා ජංගම දුරකථන දෙකක් ද පැහැරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නේවාසිකව සිටින පූජ්‍ය උඩුබද්දාවේ පුන්‍යජීව හිමි හා එහි සිටි ළාබාල තරුණයන් දෙදෙනකුගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔවූහු මෙසේ පැවසූහ. සිද්ධිය වන විට වෙලාව 29 වැනිදා රාති‍්‍ර 08.15ට විතර ඇති. ලොකු හාමුදරුවෝ කෑගසන ශබ්දයක් ඇසුණා. අපි අදාළ ස්ථානයට දිවයද්දි දිග කලිසම් හා අත්දිග කමිස ඇඳගත් ළාබාල වයසේ පසුවන තරුණයන් දෙනෙක් ලොකු හාමුදුරුවොත් සමග පොරබදා තුවාල කර උදුරාගත් වාහන යතුරෙන් වාහනයේ දොර විවෘත කරන්න හදනවා දැක්කා. අපි කෑගහගෙන යද්දී ඔවුන් සෙරෙප්පු මගදමා දිවගියා. ලොකු හාමුදුරුවන්ගේ වම් අත යට පපු පෙදෙසේ ලොකු පිහි ඇනුම් තුවාල දෙකකින් ලේ ගලමින් තිබුණා. පසුව පොලිසියට දැනුම් දුන්නා.

කොස්වත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජයනාත් මහතා ප‍්‍රමුඛ නිලධාරීහු විමර්ශන සිදුකරති.

කිරීමැටියාන – ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment