හා හා පුරා හමුවූ දවසේම – පෙම්වතා පෙම්වතිය සමග හෝටල් කාමරයේ සිටින විට කොල්ලකරුවන් ඇවිත් සුද්දයක් දීලා

646

* පැමිණිල්ලට බොරුවක් කියූ පෙම්වතා ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

දුරකථන මාර්ගයෙන් දැන හඳුනාගෙන, පළමුවරට අනුරාධපුර නව නගරයේදී හමු වී එම අවස්ථාවේදීම පෙම්වතියගේ ගෙලේ මාලයක් පළඳවා හෝටල් කාමරයකට රැුගෙන ගිය මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු සහ එම කාන්තාව සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු සහ පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාව සමඟ සිටි අදාළ පෙම්වතා ඇතුළු සිව්දෙනකු පෙරේදා (15 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මංකොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 30, 42 සහ 22 වියේ පසු වන අනුරාධපුර විජයපුර සහ රඹෑව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි. පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආරක්ෂක අංශයක සාමාජිකයෙකු බවත් පොලිසිය කියයි.

මංකොල්ල කෑමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා එම යුවළ නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැන මංකොල්ල කෑමට පෙර, හෝටලයේ ලියන මහතාගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඔහු මුදල් ලබා නොදුන් නිසා, සැකකරුවන් ඔහුට පහර දී තුවාල සිදු කර ඇති බවත් පොලීසිය පවසයි.

තම පෙම්වතිය සතුව තිබූ රන් මාලයක්, බ්‍රේස්ලට් එකක්, කරාබු ජෝඩුවක්, මුද්දක්, ජංගම දුරකථන තුනක් සහ මුදල් රු. 45,000 ක්, පසුගිය 11 දා පුද්ගලයන් තිදෙනකු පැමිණ පැහැරගත් බවට කාන්තාව සමග ලැගුම්ගෙන සිටි පුද්ගලයා (පෙම්වතා) පොලිසියට පැමිණිලි කර තිබේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් පොලිසිය දීර්ඝ ලෙස සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මාලයක්, ජංගම දුරකථන තුනක් සහ මුදල් තුන්දහස් පන්සියයක් පමණක් සොරකම් කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

ජංගම දුරකථන දෙකක් අනුරාධපුර නගර මධ්‍යයේ ඇති කුම්බිච්චන්කුලම වැවට විසි කර තිබියදී පොලිස් කිමිදුම් අංශය සොයා ගෙන තිබූ අතර සැකකාර පෙම්වතා හමුවූ පළමු අවස්ථාවේදීම රත‍්‍රං මාලයක් බව පවසා පෙම්වතියට පළඳවා ඇත්තේ ව්‍යාජ (ඉමිටේෂන්) මාලයක් බවද සැකකාර පෙම්වතාගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පෙම්වතා උතුරු පළාතේ තල්ලඩි ප‍්‍රදේශයේ මුහුදු වැලි පිරිසිදු කරන සමාගමක පෞද්ගලික ආරක්ෂක අංශයක ස්ථානාධිපති ලෙස පෙනී සිට ඇති අතර ඔහු හමුවීමට අනුරාධපුර නගරයට පැමිණි කාන්තාව රැුකියාව ලෙස නිවෙස්වල වයෝවෘද්ධ පුද්ගලයන් හට උපස්ථාන කිරීමේ සේවයේ නිරතව ඇති බවත් පොලිසිය කියයි.

හමුවූ පළමු අවස්ථාවේදීම රන් මාලයක් ගෙල බැඳීම නිසා ඇති වූ දැඩි විශ්වාසය මත ඇය සතුව තිබූ රුපියල් 45000 ක මුදලක් වියදම් කර සැකකාර පෙම්වතා හට ඇඳුම්, සපත්තු සහ අරක්කු මිලට ගෙන ඉතිරි මුදලින් හෝටල් බිල ගෙවා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක, පොලිස් පරීක්ෂක විදාන ගමගේ, පො.සැ. වරුන් වන අනුර (32311), චන්දන (16446), පො.කො. ගුණසේන (35532) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment