හැංගූ කිරිපිටි තොග මඩකළපුවෙන් එළියට

143

මඩකලපුව කාත්තන්කුඩිහි සිල්ලර කඩවල සගවා තිබූ ලක්ෂ තුනකට ආසන්න කිරිපිටි තොගයක් පාරිභෝගික අධිකාරිය මගින් අද (15) වටලා සොයා ගන්න ලදී.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂක ආර් එෆ් අන්වර් සදාත් මුලිකත්වයෙන් එම නිලධාරින් විසින් සිදුකළ හදිසි වැටලීමේදී ස`ගවා තිබූ එම කිරි පැකට් සොයාගෙන ඒවා එම ව්‍යාපාරික ස්ථානවලදීම ජනතාවට අලෙවි කරන ලදී.

කාත්තාන්කුඩි පොදු වෙළෙඳ සංකීර්ණයේ සිල්ලර වෙළෙඳ සැලක සහ නව කාත්තන්කුඩි ෆාම් පාරේ සිල්ලර වෙළෙඳ සැලක සිදුකළ හදිසි වැටලීමේදී සගවා තිබු මෙම කිරි පිටි පැකට් සොයා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment