හැටට වැඩි බොහෝ පිරිසක් බූස්ටර් එන්නත ගෙන නෑ – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

179

වැඩිහිටි ජනතාවගෙන් බොහෝ පිරිස් කොවිඞ් එන්නත් බූස්ටර් මාත‍්‍රාව අරගෙන නැහැ. එම පිරිස ඉක්මණින් එම එන්නත ලබාගැනීම ඉතා වැදගත් යැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා) පැවසීය.

කොවිඞ් මරණ බොහෝමයකටම හේතුව කොවිඞ් එන්නත ලබානොගැනීම බව ද හෙතෙම කීය.

මෙහි දී තවදුරටත් කතා කළ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේ ද කීය. මේ තුන්වැනි එන්නත් මාත‍්‍රාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය කටකතා පැතිරෙමින් තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිසි ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. බූස්ටර් මාත‍්‍රාව මගින් අතුරු ආබාධ ඉතාම අල්පයි. මේ කටකතාවලට රැුවටෙන්නේ නැතුව හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගන්න කියලා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. සියයට 75කටත් වඩා වැඩි පිරිසක් මේ කොවිඞ් එන්නත් මාත‍්‍රා තුනම ගත්තොත් කොවිඞ් මේ රටින් තුරන් කරන්න පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment