හැටන් අමුමිරිස් කිලෝව රු. 1200 යි

115

හැටන් ප්‍රදේශයේ අමු මිරිස් සහ එළවළු මිල තවදුරටත් අධික ලෙස ඉහළ යෑමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

මේ වනවිට මෙම ප්‍රදේශයේ අමු මිරිස් කිලෝව රු. 1000 ත් 1200 ත් අතර මිලක් වන අතර බෝංචි කිලෝව රු. 700 ත් 750 ත් අතර, කැරට් රු. 400 ත් 440 ත්, ලීක්ස් රු. 400 ත්, මාළු මිරිස් රු. 700 ත් 750 ත්, තක්කාලි රු. 900 ත් 1000 ත්, වම්බටු රු. 550 ත් 600 ත් අතර මිලකට අලෙවි වේ.

එළවළු මිල මෙසේ දැඩි ලෙස ඉහළ යෑමත් සමග තමන්ට එළවළු කෑමට ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මේ නිසා විවිධ දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment