හැටන් තේ වත්තකදී කඳුකර  කොටියකු  මියයෑම ගැන ඇමැති නියමයෙන් විමර්ශන

170

හැටන් ‘සමර්හිල්’ වතු යායේ තේ වත්තකදී ගසක බැඳ තිබූ මද්දකට හසුව පසුගියදා කඳුකර කොටියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වෙත ඊයේ (08දා) උපදෙස් ලබාදී තිබේ.

කඳුකර කොටියා මෙලෙස මියයෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අතිරේක ලේකම්වරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර එම නිලධාරීන් ඊයේ (08දා) ඒ සඳහා හැටන් ප්‍රදේශයට පිටත්ව ගොස් තිබිණි.

හැටන් සමර්හිල් තේවතු යායේ යුකැලිප්ටස් ගසකට නැඟ සිටියදී දඩයක්කරුවකු විසින් අටවා තිබූ මද්දකට මෙම කඳුකර කොටියා හසුව සිටි අතර එම අවස්ථාවේදී සත්ත්වයාගේ ජීවිතයට හානියක් වීම වළක්වා ගනිමින් කටයුතු කිරීමට අවස්ථාව තිබියදී වනජීවී නිලධාරීන් විසින් කොටියා රැඳී සිටි ගස කපා බිම හෙළීම නිසා එයට යටවී කඳුකර කොටියා ජීවිතක්‍ෂයට පත්ව තිබිණ.

සුජීව තත්සර සහ මස්කෙළියේ ගාමිණී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment