හැටන් නගරයේ පොකැට් ගැසූ කාන්තාවෝ  පස් දෙනෙක්  අත්අඩංගුවට

76

හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් 17දා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එළැඹෙන දීපවාලි උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රන් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා අහිකුණ්ඨිකයන් බවත්, එම කාන්තාවන් පස් දෙනා හොඳින් ඇඳ පැළඳ උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කිරීමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රන් ආභරණ සොරාගන්නා බව හැටන් පොලිසිය කියා සිටියේය.

අවු 18 – 30 වයස් කාණ්ඩ වල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත්, මෙවැනිම පිරිසක් හැටන් පොලිසිය විසින් මීට ප්‍රථම අත්අඩංගුවට ගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පැවසීය. දීපාවලි උත්සව සමයේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂිත සැලැස්මක් දියත් කර ඇති බව හැටන් පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පැවසීය. අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නුවරඑලිය නාලක රත්නායක

 

advertistmentadvertistment
advertistmentadvertistment