හැටන් නැෂනල් බැංකුවෙන් විදෙස් ශ‍්‍රමිකයින්ට ‘HNB අධිෂ්ඨාන’ සුවිශේෂී බැංකු පැකේජය

413

ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වාදී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වාදී ඇත.

HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වා දීම වෙනුවෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඞ් කබ්රාල්, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, සහකාර අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව, ඞී. කුමාරතුංග, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා සහකාර කොමසාරිස්, සුධීර විතාන, HNB ඇෂුවරන්ස් ලයිෆ් ප‍්‍රධාන විධායක නිළධාරී ලසිත විමලරත්න, බලපත‍්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) හි සභාපති එෆ්. මරික්කාර්, Mobitel ප‍්‍රධාන අලෙවි නිළධාරී, ශෂික සෙනරත්, IIHS ප‍්‍රධාන විධායක නිළධාරී/නිර්මාතෘ, වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සහ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් සහභාගී විය. ඡායාරූපය-– නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment