හැටන් බලා පැමිණි බස්රථය පෙරළිලා: තිදරු පියා ජීවිතක්‍ෂයට 16 කට තුවාල

303

අනතුරට හේතුව අධික වේගයද… හැටන් පොලිසියෙන් පරීක්‍ෂණ

දික්ඔය, සලංකන්දේ සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයන් රැගෙන ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ ප‍්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත්වී දහසය දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඊයේ (28 දා) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.

හැටන් බලා පැමිණි බස්රථය පෙරළිලා: තිදරු පියා  ජීවිතක්‍ෂයට 16 කට තුවාල

අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් දික්ඔය ෆෝඩයිස් වත්තේ පදිංචි සවරිමුත්තු ප‍්‍රනාන්දු (62) නමැති තිදරු පියෙකි.

ඊයේ උදෑසන 6.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ සලංකන්ද හැටන් ප‍්‍රධාන මාර්ගයේ බටර්ගල වත්ත ප‍්‍රදේශයේදීය.

හැටන් බලා පැමිණි බස්රථය පෙරළිලා: තිදරු පියා  ජීවිතක්‍ෂයට 16 කට තුවාල
මියගිය හැටන් දික්ඔය ෆෝඩයිස් වත්තේ පදිංචි සවරිමුත්තු ප‍්‍රනාන්දු

අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප‍්‍රපාතයට පෙරළුණාද යන්න ගැන හැටන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

බස් රථයේ රියැදුරාද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත්, රෝහල්ගත කළ සෙසු තුවාල කරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව හැටන් පොලිසිය කියා සිටී. අනතුරෙන් මියගොස් ඇත්තේ එම පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment