හැටන් සාප්පු සුද්ද කරන ඉන්දියානුවා සී.සී.ටී.වී. එකෙන් මාට්ටු

233

හැටන් නගරයේ නිමි ඇඳුම් වෙළෙඳසැලකට පෙරේදා (13 දා) පැමිණි ඉන්දියානු ජාතිකයකු එම වෙළෙඳසලෙන් රු. දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙළෙඳසලේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පද්ධතිය අනුව තහවුරු වූ බව එම වෙළෙඳසැලේ හිමිකරු පැවසීය.

ඊයේට (14 දා) යෙදී තිබුණු තෛපොංගල් දිනය නිමිත්තෙන් පෙරේදා තම වෙළෙඳසැලට

පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්ථාවක පැමිණි ඉන්දියානු ජාතිකයා සුවඳ විලවුන් බෝතලයක් ඉල්ලා ඇති අතර එම බෝතලය මිලදී ගැනීම සඳහා ඉන්දියානු ජාතිකයා විසින් රු. පන්දහසක මුදලක් වෙළෙඳසැල් හිමියා වෙත ලබාදී ඇත. පසුව ඉතිරි මුදල් ලබා ගැනීමෙන් අනතුරුව මිලදී ගත් නිෂ්පාදනය ඉන්දියානු නිෂ්පාදනයක් නොවන බව පවසා යළිත් වෙළෙඳසැල් හිමියාට එම සුවඳ විලවුන් බෝතලය ලබාදී රු. පන්දහස ආපසු වෙළෙඳසැල් හිමියාගෙන් ලබාගෙන ඇත.

පසුව යළිත් සුවඳ විලවුන් බෝතලයක් ඉල්ලා එම සුවඳ විලවුන් බෝතලයද ප‍්‍රමිතියෙන් බාල එකක් බව පවසමින් එය වෙළෙඳසැල් හිමියාට ලබාදී ආපසු
රු. පන්දහසක මුදලක් වෙළෙඳසැල් හිමියාගෙන් ලබාගෙන ඇත.

මේ පිළිබඳව සැක සිතූ වෙළෙඳසැල් හිමියා සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී තම සාප්පුවෙන් කිසිදු භාණ්ඩයක් ලබා නොගෙන ඉන්දියානු ජාතිකයා රු. දස දහසකට වැඩි මුදලක් තමන්ගෙන් ලබාගෙන ගොස් ඇති බවට තහවුරු විය.

සැකකාර ඉන්දියානු ජාතිකයා හැටන් නගරයෙන් තවත් වෙළෙඳසැල් කීපයකටම ගොස් ඇති බවට තහවුරු වී ඇති බවද එම සාප්පු හිමියා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment