හැටහයේ පෙම්වතිය විසිඅටේ පෙම්වතා සමඟ කොච්චිකඬේම දෙවනත් කරයි

1247

එය මීගමුව නගරයේ පිහිටි තරු හෝටලයක පවත්වාගෙන යන සුපිරි පන්නයේ අවන්හලකි. සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයෝ දිනපතාම පාහේ එම අවන්හලට පැමිණෙති. වයස් භේදයකින් තොරව පැමිණෙන එම පිරිස් අවන්හල තුළ නිදහසේ කා බී විනෝද වෙති. පුරුෂයන් මෙන්ම ස්ත‍්‍රීන්ද නිරන්තරයෙන්ම එහි පැමිණෙති. එලෙස පැමිණෙන බහුතරයක් පිරිස එම අවන්හලේ නිත්‍ය සාමාජිකයෝ වෙති. කෝටිපතිනියක වූ අයරින් පෙරේරා ද එම අවන්හලට පැමිණෙන නිත්‍ය සාමාජිකාවක වූවාය.

අයරින් පෙරේරා මීගමුව කොච්චිකඬේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. වයස අවුරුදු 66 කි. විවාහක ඇය කෝටිපතිනියකි. සැමියා සහ දරුවන් සිටියත් ඔවුන් ගැන වැඩි තැකීමක් නොකළ ඇය ගත කළේ තමන්ට ඇවැසි ජීවිතයකි.

තම වයස ඇයට ඉලක්කමක් පමණක් විය. එම නිසා ඇය හැසුරුණේ තරුණියක මෙන්ය. අසීමිත ලෙස මුදල් වියදම් කරමින් රූපලාවන්‍ය කටයුතු හරහා ඇයගේ මහලූ පෙනුම සඟවා ගැනීමට නිරතුරුවම ඇය උත්සාහ කළාය. එපමණක් නොව අයරින් ඇඳි ඇඳුම් පැළඳුම් පවා ඇයගේ වයසට ඔබින ඒවා නොවීය. කොටින්ම කියතොත් අයරින්ට ගත කිරීමට වුවමනා වූයේ බටහිර පන්නයේ තරුණියකගෙ ජීවිතයකි.

සතියට දින කිහිපයක් ඇය එම අවන්හලට පැමිණ මිතුරු මිතුරියන් සමග මධුවිත පානය කරමින් විනෝද වූහ. එවැනි අවස්ථාවකදී ඇයට තරුණයකු මුණ ගැසුණාය. නමින් ඔහු නඳුන් වීරසිංහයි.

නඳුන් කොච්චිකඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 28කි. අවිවාහකයකු වන ඔහු තදින් මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. එදින ඔහු තම මිතුරකු සමග එම අවන්හලට පැමිණ තිබුණේ ද මත්පැන් පානය කිරීම සඳහාය. එම අවස්ථාවේදී ඔහුට අයරින්ව හඳුනා ගැනීමට හැකි වූයේ තම මිතුරා මාර්ගයෙනි. එදින ඔවුන් දෙදෙනා තම ජංගම දුරකථන අංක ද මාරු කර ගත්හ.

දින කිහිපයක් ගත වෙද්දී ඔවුන් දෙදෙනාගේ දැන හඳුනා ගැනීම දැඩි මිත‍්‍රත්වයක් බවට පත්වූහ. ඒ අනුව දිනක් අයරින් නඳුන්ට දුරකථන ඇමතුමක් ලබා දී මෙලෙස පැවසුවාය.

‘‘නඳුන් කොහොමද?”

‘‘වරදක් නැහැ අක්කේ ඉන්නවා ගෙදරට වෙලා.”

‘‘එහෙමද. හවස දාගත්ත වැඩක් එහෙම තියෙනවද?”

‘‘විශේෂ දෙයක් නම් නැහැ. ඇයි මොකක්ද වෙන්න ඕනා අක්කෙ.”

‘‘නැහැ මං මේ බැලූවේ ඔයා හවස ෆ්රී නම් අපි පොඞ්ඩක් මීට් වෙන්න.”

‘‘ප‍්‍රශ්නයක් නැහැ අක්කේ. කොහෙදිද අපි මීට් වෙන්නේ.”

‘‘ඒක තමයි මමත් කල්පනා කළේ. ඔයා තැනක් කියන්න නඳුන්.”

‘‘අපි පළවෙනි දවස මිට් වුන තැන හොඳයි නේද?”

‘‘අනේ එතන බෑ. මම දන්න ගොඩක් එතැනට එනවා. අපි වෙන නිදහස් තැනක් බලමු.”

‘‘එහෙමද අක්කේ.”

‘‘ඔව් නඳුන්. ඔයා දන්න හොඳ තැනක් බලන්න. මීගමුවෙන් පිට වුණත් කමක් නෑ. හැබැයි අපිට නිදහසේ ඉන්න ඕනා.”

‘‘එහෙම විශේෂ තැනක් නම් මං දන්නේ නැහැ. ඒත් හොයල බලන්න පුළුවන්.”

‘‘කමක් නෑ ඔයා ඕන තැනක් බලන්න මම එන්නම්.”

‘‘අපි හලාවත පැත්තට යමුද?”

‘‘මට කිසි ප‍්‍රශ්නයක් නැහැ. මම එන්නම් වෙහිකල් එකේ ඔයාව ගන්න.”

‘‘හරි අක්කෙ. කීයටද කොතනටද මම එන්න ඕනා.”

‘‘නඳුන් ඔයා 5:30 වෙනකොට කොච්චිකඬේ පල්ලිය ළඟ ඉන්න. මම එනවා ඔයාව ගන්න”

නියමිත වෙලාවටත් කලින් ලක ලැහැස්ති වී නඳුන් කොච්චිකඬේ පල්ලිය ළඟට පැමිණියේය. එලෙස පැමිණ අයරින් එනතුරු මඟ බලාගෙන සිටියේය. අයරින් නියමිත වෙලාවට තම මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණියාය. එලෙස පැමිණි ඇය නඳුන් තම මෝටර් රථයට නංවා ගත්තාය.

‘‘නදුන් ගොඩක් වෙලාද ඇවිල්ලා.”

‘‘නැහැ අක්කේ වැඩි වෙලාවක් නැහැ.”

‘‘ඒක නෙවෙයි. මට ඔය අක්කා කියන එක නවත්වන්න. අයරින් කියලා කතා කරන්න.”

‘‘එහෙම හොඳ නැහැ නේද ?”

‘‘කවුද කියන්නෙ හොඳ නෑ කියලා. මීට පස්සෙ මම අක්කා නොවෙයි ඔයාගේ අයරින්.”

‘‘අනේ මන්දා අක්ක.”

‘‘ඔය ආයි කියනවා.”

‘‘හරි හරි මම එහෙනම් අයරින් කියන්නම්කො.”

‘‘අන්න එහෙම එන්න.”

‘‘ඇයි අද මට අයරින් විශේෂයෙන් එන්න කිව්වේ.”

‘‘ඇයි අහන්නේ අකමැත්තෙන්ද ආවෙ.”

‘‘නෑ එහෙම එකක් නැහැ. මම බැලූවෙ හදිස්සියෙ ඇයි කියලා.”

‘‘හදිසියක් නොවේයි. මම ගොඩක් කල්පනා කරලා එන්න කිවුවේ නඳුන්.”

‘‘එහෙමද?”

‘‘ඔව් මට ඔයත් එක්ක නිදහසේ කතා කරන්න ඕනා. ඔයා කැමැතියි නේද?”

‘‘ඔව් අයරින් මම කැමැතියි.”

එලෙස හලාවතට යන තුරු දෙදෙනා තම ආගිය තොරතුරු ගැන කතා බස් කළහ. ඉන්පසු හලාවත නගරයේ තිබූ තරු පන්තියේ හොටලයක් තුළ ඔවුන් මෝටර් රථය නතර කළේය.

මෝටර් රථයෙන් බැසගත් ඔවුන් දෙදෙනා කෙලින්ම ගියේ එම හෝටලයේ අවන්හල වෙතටයි. එලෙස අවන්හල වෙත ගිය ඔහුන් මත්පැන් පානය කරමින් යළි මෙලෙස කතාබස් කළේය.

‘‘නඳුන් මම ඔයාට එන්න කිව්වෙ ලොකු දෙයක් කතා කරන්න.”

‘‘කියන්න අයරින්.”

‘‘මට ගොඩක් සල්ලි තියෙනවා. එහෙත් කවදාවත් හිතේ සතුටින් ඉඳලා නෑ.”

‘‘ඇයි අයරින් ඒ සල්ලි තියෙනවා නං ඇයි දුක් විඳින්නේ.”

‘‘සල්ලිම නොවෙයි ජීවිතය.”

‘‘ඒකත් ඇත්ත මම අහල තියෙනවා.”

‘‘මට සල්ලි තිබුනට ජීවිතයේ එක පැත්තක් විඳින්න ලැබුණෙ නැහැ.”

‘‘ඒ මොන පැත්තද?”

‘‘ආදරය. කසාද බැන්දට මට කවදාවත් එයාගෙන් මම බලාපොරොත්තු වුන ආදරය හම්බ වුනේ නැහැ. කසාද බැඳලා ළමයි හම්බ වුණාට පස්සේ එයා මගේ ළඟටවත් ආවෙ නෑ.”

‘‘එහෙමද අයරින්.”

‘‘ඔව් තව ගොඩක් තියනවා කියන්න. ඒකට දැන් වෙලාව නෙවෙයි. මම ඔයාට එන්න කිව්ව හේතුව කෙලින්ම කියන්නම්.”

‘‘හරි කියන්න අයුරින්.”

‘‘මම දන්නෙ නෑ. ඔයාව දැකපු පළමු දවසෙම ඔයා ගැන මට ආදරයක් ඇතිවුණා. මම හරිද වැරදිද දන්නේ නැහැ. එහෙත් ඇත්ත ඒක තමයි. ඔයා මොකද කියන්නේ.”

‘‘අයරින් ඔයා මේ ඇත්තමද කියන්නෙ.”

‘‘ඔව් ඇත්ත කියන්නේ. ඔයා අකමැති නම් කියන්න.”

‘‘මම එහෙම කිව්වෙ නැහැනෙ.”

‘‘එහෙනම් ඔයා මට කැමතියි.”

‘‘ඇයි මම ඔයාට අකමැති වෙන්නේ.”

‘‘ඔය ඇත්තද නඳුන්.”

‘‘ඔව් අයරින්. ඔයාව දැකපු පළවෙනි දවසෙම මටත් ඔයා ගැන විශේෂත්වයක් දැනුනා.”

‘‘ඇත්තද නඳුන්.”

‘‘ඔව් අයරින් ඇයි මං බොරු කියන්නේ.”

‘‘එහෙනම් අද ඉඳන් ඔයා මගේ විතරයි. ඒ වෙනුවෙන් අපි අද සමරමු හොඳටම.” එතැන් සිට අවුරුදු 66 වයසැති අයරින්ගේ පෙම්වතා බවට පත්වූයේ අවුරුදු 28 ක් වයසැති නඳුන්ය. එදින දෙදෙනා ඇති වෙනතුරු මත්පැන් පානය කරමින් එම හෝටලයේම කාමරයක් වෙන් කරගෙන රාත‍්‍රිය එහි ගත කළහ. එදින රාත‍්‍රියේ ඇය තමාගේ සිතේ තිබූ ආශාවන් සියල්ලම පාහේ නඳුන්ට කියා ඉටු කර ගත්තාය. එතැන් සිට ලද සෑම මොහොතකම නඳුන් සහ අයරින් මුණගැසී හොර රහසේ පෙම් රස වින්දහ. කලක් ගත වෙද්දී බොහෝ දෙනකු මෙම පෙම් පළහිලව්ව දැන ගත්හ. එහෙත් අයරින්ට සහ නඳුන්ට එය ගැටලූවක් නොවීය. අයරින් නඳුන් ට ආදරය කළේ තම සිතේ තිබූ ආශාවන් ඉටුකර ගැනීම සඳහාය. නඳුන් අයරිනට ආදරේ කළේ ඇයගේන් මුදල් ලබා ගැනීම සඳහාය.

පසුගිය සතියේ දිනක මෙම යුවළ කොච්චිකඬේ ප‍්‍රදේශයේ හෝටලයක අවන්හලක් තුළ මත්පැන් පානය කළහ. එලෙස පැය කිහිපයක් එක දිගට මත්පැන් පානය කළ දෙදෙනාම සිටියේ අධික බමන මතින්ය. ඉන් පසු මත්පැන් පානය අවසන් කළ ඔවුන් දෙදෙනා අවන්හලින් රාත‍්‍රී කෑම ඇනවුම් කර එම හෝටලයේ කලින් වෙන්කරගත් කාමරයක් වෙත ගියහ. අධික බමන මතින් හෝටල් කාමරය වෙත ගිය යුවල විනාඩි කිහිපයකට පසු එම හෝටලයේ සේවකයන්ට කතා කර තමන් ඇණවුම් කර කෑම අවන්හලෙන් ගෙනෙන ලෙස පැවසූහ. එම යුවළගේ කීමට අනුව සේවකයන් එම අවන්හලෙන් කෑම ඇණවුම ගැන විමසුවේය. එවිට ඔහුන් පැවසුවේ තව විනාඩි කිහිපයක් එය ප‍්‍රමාද වන බවයි.

හෝටල් සේවකයන් ඒ පිළිබඳව එම යුවළ දැනුවත් කළේය. අධික බමන මතින් සිටි යුවළට එය රිස්සුවේ නැත. ඔහුන් සිතුවේ හෝටල් සේවකයන් සහ අවන්හලේ සේවකයන් තමන්ට මදිපුංචිකමක් කළා යැයි කියාය. ඒ අනුව කොහෙවත් නැති කේන්තියක් ආරූඪ කරගත් එම යුවළ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන පහර දීමට තැත් කළහ. එම යුවළට කෑම ප‍්‍රමාදයට හේතුව පිළිබඳව පැහැදිලි කරදීමට උත්සාහ කළත් පලක් වූයේ නැත. ඔවුන් ඒ සෑමවිටම උත්සාහ කළේ පරුෂ වචන කියමින් එම සේවකයන්ට පහර දීමටයි. අවසානයේම එම යුවලගෙන් බේරීමට නොහැකි වූහ. හෝටලය දෙවනත් වනසේ කෑගසමින් සේවකයන්ට පහර දීමට උත්සාහ කළහ. එලෙස තත්ත්වය දරුණු අතට හැරුණු තැන හෝටලයේ කළමනාකරු කොච්චිකඬේ පොලිසියට මේ බව දැන් වූවේය. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය බීමතින් සිටි සැකකාර එම යුවළ අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු හැට හයක් පමණ වන කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ වයස අවුරුදු විසි අටක් වන ඔහුගේ පෙම්වතාව පසුදින මීගමුව අධිකරණයට ඉදිරිපත් කළහ. අධිකරණයේ දී එම සැකකාර යුවල වරද පිළිගත්හ. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා එම යුවළට තරයේ අවවාද කර දඩ මුදල් සහ ශරීර ඇප මුදල් මත අත්අඩංගුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම දෙසැම්බර් 18 දක්වා කල් දැමුණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment