හැට පිරුණු තෙල් සංස්ථා සේවකයන් ගෙදර යවයි

440

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණයක්

තෙල් සංස්ථාව මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් එහි සේවකයන් විශ‍්‍රාම යන වයස අවුරුදු හැටට සීමා කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන තිබේ.

ඉකුත් අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන් විශ‍්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කළ අතර ඒ අනුව සංස්ථා මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් විශ‍්‍රාම ගැන්වීම වයස අවුරුදු හැටදෙක දක්වා දීර්ඝ කෙරිණි.

නමුත් ඒ ඒ ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලයට ලැබී තිබෙන බලතල අනුව තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සේවකයන් විශ‍්‍රාම ගන්වන උපරිම වයස හැට බවට තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව හැට පිරුණු තෙල් සේවකයන් දෙසීයක් පමණ විශ‍්‍රාම යෑමට නියමිතව ඇතැයි එහි නිලධාරියෙක් ‘දිවයින’ට කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment