හැත්තෑහැවිරිදි මවකට අතවර කළ විසිතුන් හැවිරිදි හමුදා සෙබළා දැලේ

426

සියඹලාණ්ඩුව රුහුණු දනව්ව ප‍්‍රදේශයේ 70 හැවිරිදි මවකට ලිංගික අතවර සිදුකළ 23 හැවිරිදි එම ප‍්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ සේවය කරන තරුණයකු (26 දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර තරුණයා නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම අතවරය සිදුකර ඇති බවත් පිහියකින් ඇන තුවාලද සිදුකර ඔහු ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු විවාහකයෙක් වන අතර පළමු දරු ප‍්‍රසූතියෙන් පසුව බිරිඳ මවගේ ගෙදරට ගොස් සිටියදී මෙය සිදුකර තිබේ. සිද්ධියෙන් පසු සැකකරු සියඹලාණ්ඩුව ප‍්‍රදේශයෙන් සූරියවැව ප‍්‍රදේශයේ නිවසකට ගොස් නැවත පැමිණ සිටියදී (26 දා* අත්අඩංගුවට ගත් බවත්, (27* දින සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර හේරත් මහතා පැවැසීය. මොනරාගල පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි ඞී. සී. ඒ. පෙරේරා මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ලාහුගල – ඒ. එස්. ඞී. සේකර, මඩුල්ල – කේ. එම්. පී. බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment