හැත්තෑ දෙකේ රන් පදක්කම් ලාභිනියට ගමේදී හරසර

449

පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමිකර දුන් මුලතිව් පදිංචි වයස අවුරුදු 72 ක අකිලා තිරුනායගී ක්‍රීඩිකාව පිළිගැනීමේ හා ඇයට සුබපැතීමේ උත්සවයක් 29දා යාපනයේදී සංවිධානය කොට තිබුණි.

මුලතිව් මුලියාවල ගම්මානයේ පදිංචි අකිලා තිරුනායගී ක්‍රීඩිකාව රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් එම තරගාවලියේදී දිනා ගනිමින් රටට විශාල කීර්තියක් අත්කොට දීමට සමත් වූවාය.

මීටර් 5000 හා 1500 දුර දිවීම්වලින් පළමු ස්ථානය හා මීටර් 800 තරගයෙන් තුන් වන ස්ථානය ඇය විසින් දිනාගත් අතර යාපනය දිසාපති අම්බලවානර් සිවබාලසුන්දරම්ගේ ප්‍රධානත්වයෙන් ඇය පිළිගැනීමේ උත්සවය පැවැත්වුණි.

හැත්තෑ දෙකේ රන් පදක්කම් ලාභිනියට ගමේදී හරසර

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වූ ඇය පිළිගැනීමේදී යාපනය බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන්ද පැමිණ සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment