හැනෝයි සිනමා උළෙලේදී ‘මරියා’ට හොඳම නළුවා සම්මානය – අපේ හතකට පිරිනැමෙයි

173

වියට්නාමයේ හැනෝයි හි පැවැති 06 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ චිත්‍රපටය එහි හොඳම නළුවාට හිමි සම්මානය පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ හිමිකර ගත්තේය.

හැනෝයි සිනමා උළෙලේදී ‘මරියා’ට හොඳම නළුවා සම්මානය - අපේ හතකට පිරිනැමෙයි

වියට්නාමයේ හැනෝයි නගරයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාව දුටු හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නළුවාට (The Best Leading Actor in Feature Length Films) පිරිනැමූ සම්මානයෙන් මෙසේ පිදුම් ලැබූවේ හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන රංගන ශිල්පීන් හත්දෙනාය. මහ සයුර මැද දින විසිදෙකක් පුරා රූගත කළ මෙම සිනමා වෘතාන්තයේ හොඳම නළුවන් හත්දෙනා අතර සිටි දර්ශන් ධර්මරාජ් මේ වන විට ජීවතුන් අතර නැත.

අන්තර්ජාතික සිනමා උළෙලකදී හොඳම නළුවා, හොඳම නිළිය හෝ හොඳම රංගනය උදෙසා පිරිනමන තනි සම්මානයක්, සම සම්මානයක් ලෙස ලැබීමට ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් සමත් වූ 05 වැනි අවස්ථාව මෙය වේ.
දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment