හැඳුනුම්පතේ ගාස්තුවත් උස්සයි

106

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකස් කරන ලක්‍ෂ 10 ක් පමණ වන හැඳුනුම්පත්වල ගාස්තු නොවැම්බර් 01 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

මේ අනුව ප්‍රථම වරට සකස් කරන හැඳුනුම්පතක් වෙනුවෙන් අය කළ රුපියල් 100 ක මුදල රුපියල් 200 දක්වා ද, නැති වූ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අය කළ රුපියල් 500 ක මුදල රුපියල් 1000 දක්වාත්, හැඳුනුම්පතක සිදුකරන සංශෝධන සඳහා අය කළ රුපියල් 250 ක මුදල රුපියල් 500 දක්වා ද ඉහළ දැමීමට කටයුතු කෙරේ.

දැනට දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන හැඳුනුම්පතක මිල රුපියල් 175 ක් පමණ වන බවත්, හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රජය වැටුප්, උපකරණ ඇතුළු අවශ්‍ය දෑ සඳහා වැය කරන මුදල රුපියල් 5000 කටත් වැඩි බවත් එම දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.

දැනට දෙපාර්තමේන්තුව මගින් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් මිලියන 300 ක් පමණ ලබාදෙන බවත්, පවතින ආර්ථික අර්බුද හමුවේ කාඩ්පත් ආනයනික මිල ගණන් ද ඉහළ යෑම නිසා මිල සංශෝධනය කිරීමට සිදු වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment