හැමදෙනාවම රැකගන්න වෘත්තීයමය පසුබිම හදන්න

204

අද රංගවේදියෙක්

කතාබහ–කුසල් මධුරංග




 * පාසල් කාලය

 මම මුලින්ම පාසල් ගියේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයට. ශිෂ්‍යත්වයෙන් පස්සෙ හොරණ විද්‍යාරත්න විද්‍යාලයට ඇතුළත් වෙනව. මේ පාසලෙන් නාට්‍යකරුවන්” සාහිත්‍යවේදීන්” රංගන ශිල්පීන් විශාල පිරිසක් රටට දායාද කරල තියෙනවා. හය ශ්‍රේණියට ඇතුළත් වුණ මම උසස් පෙළ කරද්දි විෂයයක් හැටියට නාට්‍ය හා රංග කලාව තෝරා ගන්නවා.

 * ප‍්‍රසිද්ධ වේදිකාවට

 පාසල් වේදිකාවෙන් ප‍්‍රසිද්ධ වේදිකාවට එන්න මට අවස්ථාව ලැබෙන්නෙ ධර්මප‍්‍රිය ඩයස් මහත්මයාගේ ‘ජූලියස් සීසර්. වේදිකා නාට්‍ය හරහා.

 * සම්මාන ලබයි

 අට ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලෙ ‘හොර ගෙඩියා. නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානය දිනාගන්න මට

 අවස්ථාව ලැබෙනවා. 2010 වසරෙදි පුබුදු සුභාෂණ කුරගල සර්ගෙ ‘එක්සිබිෂන්. නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය මට හිමිවෙනව. ඒ වසරේදීම කොළඹ රාජකීය විද්‍යාලයෙන් සංවිධානය කරන අභින නාට්‍ය උළෙලේදී ඒ නාට්‍යයටම සමස්ත ලංකා හොඳම නළුවා සම්මානය මට හිමිවෙනව. ඒ වගේම 2013-2014 වසරේ ළමා නාට්‍ය උළෙලෙදි හොඳම සහාය නළුවා වුණෙත් මම. 2019 වසරේ යෞවන සම්මාන උළෙලේදී දිගු නාට්‍ය අංශයෙන් නිලංක නිසංජලාල් මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘අතරමැදියා. නාට්‍යයේ හොඳම නළුවා වුණේ මම. එතැනින් පස්සෙ සචිත‍්‍ර රාහුබද්ධ මහත්මයාගේ ‘කැපනම්. නාට්‍යයේ හොඳම නළුවා සම්මානය දිනාගන්නත් මට අවස්ථාව ලැබුණා.

 * මගෙන් වැඩක්

 උසස් පෙළින් පස්සේ යෞවන සම්මාන නාට්‍ය උළෙලට කණ්ඩායම් වශයෙන් නාට්‍ය කළා. එවැනි නාට්‍ය දෙකක් වන ‘හබලක් ඕනේ. සහ ‘ඇක්සලයක් උඩ. නාට්‍ය ද්විත්වය අධ්‍යක්‍ෂණය කළේ මම. ඒ වගේම ධර්මප‍්‍රිය ඩයස් මහත්මයාගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි. සහ උදයසිරි වික‍්‍රමරත්න මහත්මයාගේ සුද්දෙක් ඔබ අමතයි යන නාට්‍යවල වේදිකා පරිපාලකවරයා හැටියට කටයුතු කරන්න ලැබීම මට ලැබුණ වටිනා අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්.

හැමදෙනාවම රැකගන්න වෘත්තීයමය පසුබිම හදන්න



 * අධ්‍යයනය සහ අත්දැකීම

 මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව උසස් ඩිප්ලෝමාවක් හැදෑරුවා. නමුත් මම අධ්‍යයනයට වඩා අත්දැකීම් විශ්වාස කරනවා. මොකද අත්දැකීම් එක්ක අපේ හැකියාව මුවහත් වෙනවා. 361” ගරු කටානායකතුමනි” මම නෙමෙයි වෙන කෙනෙක්” පෙම් යුවළක් ඕනෑකර තිබේ සහ අතරමැදියා යන නාට්‍යවලට මම අදත් රංගනයෙන් එකතු වෙනවා.

 * අනුකරණය

 ඇත්තටම මට තව කෙනෙක් වගේ වෙන්න ඕනා කියල අදහසක් තිබුණෙ නැහැ. එක දිගට වේදිකාවේ වැඩ කළා. ඒවාට අගැයීම් ලැබුණා. ඒ අගැයීම් එක්ක දිගටම වේදිකාවේ රැුඳුණා. ක්‍ෂේත‍්‍රයට තියෙන ආදරයත් ආසාවත් එක්ක තමයි මේ තරම් දුරක් ආවෙ.

 * කට්ට කෑම

 ජීවිතයට කට්ට කියන දේ උපතින්ම එන දෙයක්. ඒක විඳින්න වෙනවා. ඒ කට්ට ඇතුළෙ තමයි රස තියෙන්නෙ. මහන්සියක් නැතිව අත්දැකීම් ගන්න බැහැ. ඒ නිසා කට්ට කියන දේ එදත් කෑව. අදත් කනව. හෙටත් ඒකෙ වෙනසක් වෙන්නෙ නැහැ.

 * වෘත්තිය

 මම වේදිකාවට එන්නෙ වෘත්තීයමය වශයෙන් මේ ක්‍ෂේත‍්‍රය තෝරා ගන්නවා කියන තීරණය අරගෙන නෙමෙයි. නමුත් තරුණ කාලෙට එනකොට අපිට මුදල් උවමනා වෙනව. වේදිකාවෙන් යම් මුදලක් ලැබෙනව. ඒත් ඒකෙන් ජීවත් ියන්න බැහැ. ලංකාවේ කලාව කියන ක්‍ෂේත‍්‍රයෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා දිගටම කලාවේ රැුඳෙනවාද කියන දේ තවම තීරණය කරල නැහැ.

හැමදෙනාවම රැකගන්න වෘත්තීයමය පසුබිම හදන්න



 * එහේ සහ මෙහේ

 ලංකාවේ වේදිකාව මහාපරිමාණයෙන් මුුදල් හොයන්න පුළුවන් තැනක නැහැ. නමුත් මේ වකවානුවේදී මතු වුණ වසංගත තත්ත්වය නිසා අර්බුදකාරී තැනකට පත් වුණත් සාමාන්‍ය තත්ත්වය යටතේ වේදිකා නාට්‍යවලට ලොකු ඉල්ලූමක් තිබුණා. ලංකාවේ වාර්ෂිකව දිගු නාට්‍ය සියයක් පමණ නිර්මාණය වෙනව. සජීවී දර්ශනයකට තමයි ලෝකයේ නළු නිළියන් වැඩිම මුදලක් අයකරන්නෙ. නමුත් ලංකාව තුළ ඒක වෙනස් වෙනවා.

 * පේ‍්‍රක්‍ෂකයා

 ලංකාවේ වේදිකා නාට්‍යයට හොඳ පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉන්නවා. පසුගිය දිනවල පැවැත් වුණ ‘පේ‍්‍රක්‍ෂා. නාට්‍ය උළෙලෙදි ඒ බව දැකගන්න ලැබුණා. නමුත් පවතින වසංගත තත්ත්වයත් එක්ක ඔවුන් යම් පසුබෑමකට ලක්වෙලා. ඒ වගේම ආර්ථික තත්ත්වය බොහොම පහතට වැටිලා. ටිකට් එකක් අරන් නාට්‍යයක් බලන්න අපහසු තැනට පේ‍්‍රක්‍ෂකයා පත්වෙලා. වේදිකාවේ පේ‍්‍රක්‍ෂකාගාරය යථා තත්ත්වයට පත්වෙන්න නම් මේ අපහසුතා වලින් ජනතාවට අස්වැසිල්ලක් ලැබෙන්න ඕනා.

 * ගැටලූ

 නාට්‍ය සංවිධායකවරුන්ගේ අඩුවක් තියෙනව. නමුත් වේදිකා නාට්‍යකරුවා කියන්නෙ අභියෝග භාරගන්න පුළුවන් කෙනෙක්. එක නාට්‍යයකට මාස ගණනක් පුහුණුවීම් කරනව. ශිල්පීන්ට ලොකු ගාණක් ගෙවන්නෙ නැහැ. මෙහෙම කට්ටක් කාල එළියට එන නාට්‍ය දර්ශන වාර දෙකතුනකින් නවත්වන්න වුණොත් මොනතරම් අපරාධයක්ද?. නාට්‍යයක් රට වටා ගෙනියන්න හොඳ සංවිධාන ශක්තියක් තියෙන්න ඕනා. ඒක නැති වුණ තැන ක්‍ෂේත‍්‍රයම කඩාවැටෙන්න පුළුවන්.

 * තාක්‍ෂණය සහ වේදිකාව

 ලෝක තාක්‍ෂණයත් එක්ක ලංකාවේ නාට්‍ය නැහැ කියල කියන්න බැහැ. අපේ ‘අතරමැදියා. නාට්‍ය පවා කැරකෙන වේදිකාවක් මත වේදිකාගත කළේ. ලොකු තාක්‍ෂණයක් යොදාගන්න බැරි වුණාට සාහිත්‍යයෙන්” රංග පසුතල නිර්මාණයෙන් අපේ නාට්‍යවල රස තැන් හමුවෙනවා. උපරිම තාක්‍ෂණයක් යොදාගත්තත් අපිට කොළඹින් පිටට ඒ තාක්‍ෂණය ගෙනියන්න පහසුකම් නැහැ.

 * තිරය පිටුපස කතාව

 නළු නිළියන් පමණක් නොවෙයි” තිරය පිටුපසත් වේදිකාවෙන් යැපෙන තව විශාල පිරිසක් ඉන්නවා. ක්‍ෂේත‍්‍රයක් විදිහට” රටක් විදිහට අපි ඒ හැම දෙනාවම රැුකගන්න ඕනා. ඔවුන්ට සුදුසු වෘත්තීයමය පසුබිම රජයක් හැටියට මැදිහත් වෙලා හදන්න පුළුවන් නම් ඒක ලොකු සැනසීමක් වේවි.

 * දායකත්වය

 උදයසිරි වික‍්‍රමරත්න මහත්මයාගේ ‘සුද්දෙක් ඔබ අමතයි. (වේදිකා පරිපාලනය)” ‘361.” ‘ගරු කටානායකතුමනි.” ‘පෙම් යුවළක් ඕනෑකර තිබේ.” ධර්මප‍්‍රිය ඩයස් මහත්මයාගේ

 ‘සාදය මාරයි සල්ලි හමාරයි. (වේදිකා පරිපාලනය)” ‘මම නෙමෙයි වෙන කෙනෙක්. යන නාට්‍ය වල වගේම ‘අතරමැදියා.” ‘සෆාරියක් සහ සවාරියක්. යන නාට්‍යවලටත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment