හැමිල්ටන් ඇළේ පැදවූ ධීවර යාත‍්‍රා එන්ජිමේ මළසිරුරක් ඇමිණිලා

587

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 
වත්තල, හේකිත්ත පන්සල ඉදිරිපිට හැමිල්ටන් ඇළේ තිබී හිසේ තුවාලයක් සහිතව මියගොස් සිටි අඩි පහයි අඟල් 4 ක් උසැති, වයස 45 ක පමණ පුද්ගලයකුගේ නාඳුනන සිරුරක් පෙරේදා (24 දා* හමුවූ බව වත්තල පොලිසිය පවසයි.
 
 අලූයම 4.30 ට පමණ හැමිල්ටන් ඇළේ ගමන් ගත් ධීවර යාත‍්‍රාවක ඇන්ජිමක ඇමිණී තිබියදී පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
 
 ධීවර රස්සාවට යෑම සඳහා අලූයම හැමිල්ටන් ඇළේ තම ධීවර යාත‍්‍රාව පදවමින් සිටියදී හේකිත්ත පාලම යටදී තම යාත‍්‍රාව ක‍්‍රියා විරහිත වූ බවත්, එම අවස්ථාවේ එය පරීක්ෂා කිරීමට දියට බට අවස්ථාවේදී ඇන්ජිමට ඇමිණී සිටි පුද්ගලයකු දක්නට ලැබුණ බවත් ධීවර යාත‍්‍රාව පැදවූ අයගෙන් හෙළිවූ බව පොලිසිය කියයි.
 
 මේ වනවිට අදාළ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
 
 වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් පිට උ.පො.ප. රිශාන් සේනානායක මහතා ඇතුලූ නිලධාරින් පිරිසක් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. වත්තල පොලිසිය අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගැනීමට මහජන සහාය පතයි.

advertistmentadvertistment
advertistmentadvertistment