හැම අගෝස්තුවකම ඇවිත් මායි දරුවො දෙන්නයි එක්ක විනෝදයෙන් ගතකරනවා: ප‍්‍රියත්තගේ බිරිඳ නිලූෂි දිසානායක

1583

ආගම්වාදී ගැටුමකට යන්න එයා පොඩි දරුවෙක් නොවේ

ටීවී එකේ මහත්තයාගේ ෆොටෝ එකත් එක්ක
සිද්ධිය කියන කොට මට උන්හිටි තැන් අමතක වුණා

පි‍්‍රයන්ත කුමාර පිළිබඳ මේ වනවිට නොදන්නා කෙනකු නැති තරම්ය. පාකිස්තානයේ සියොල්කොට්, රාජ්කෝ ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ ඔහු ම්ලේච්ඡුයන් පිරිසකගේ පහර කෑමට ලක්ව මියැදෙන්නටත් පෙර ගිනිතබා ඝාතනය කිරීම ශී‍්‍ර ලංකාවේ මෙන්ම පාකිස්තානයේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් මේ ම්ලේච්ඡු ඝාතනය පිළිබඳ කතා කරන්නට පටන්ගෙන ඇත.

පි‍්‍රයන්ත කුමාර දියවඩනගේ ඝාතනය පිළිබඳව කතා කරන්නට පෙර ඔහු ගැන කෙටි සටහනක් තැබිය යුතුය.

ඔහු උපන්නේ 1972 දෙසැම්බර් මස 30 වැනිදාය. දියවඩනගේ දොන් නන්දසිරි පි‍්‍රයන්ත කුමාර ඔහුගේ සම්පූර්ණ නමය. පියා ජයවර්ධන දියවඩනය. මව ඞී. ඇම්. කිරිඇල්ලය. දරුවන් හයදෙනකුගේ පවුලේ බාලම පුතු ලෙස මෙලොව එළිය දුටු පි‍්‍රයන්ත ඉගෙනීමට දක්‍ෂය. නිහඬ චරිතයක් වූ ඔහු කුඩා කල සිටම තැන්පත් විනීත දරුවකු ලෙස කා අතරත් ප‍්‍රසාදයට හා ආදරයට පාත‍්‍ර වූ අයෙකි.

ඔහුගේ පියා මියයන විට පි‍්‍රයන්ත ඉගෙනුම ලබමින් සිටියේ ගණේමුල්ල ගලහිටියාව විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේය. සොයුරන් දෙදෙනකුත්, සොයුරියන් තිදෙනකුත් සමග සිටි ඔහුට මාතර බලා යන්නට සිදු වූයේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුමට මග පාදා ගනිමිනි. ඉගෙනීමට රුසියකු වූ හෙතෙම 1999 වසරේ දී පේරාදෙනිය විශ්වවිiාලයේ දොරටු විවර කර ගත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයේ ඵල නෙළා ගනිමිනි.

හැම අගෝස්තුවකම ඇවිත් මායි දරුවො දෙන්නයි එක්ක විනෝදයෙන් ගතකරනවා: ප‍්‍රියත්තගේ බිරිඳ නිලූෂි දිසානායක
බිරිඳ නිලූෂි දිසානායක සහ දරු දෙදෙනා

විශ්වවිiාලයේ අධ්‍යාපනයෙන් පසු ඔහු හා හා පුරා කියා රැකියා කිහිපයක නිරතවන්නට ගන්නා අතරතුරදී 2011 වසරේදී පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර පිහිටි කර්මාන්ත ශාලාවක කාර්මික ඉංජිනේරුවකු බවට රැුකියාවක් ලබා මෙරටින් පිටව යන්නේ අනාගත ඉලක්ක සපුරා ගැනීමේ අරමුණිනි.

පාකිස්තානය නමැති රට මේ පවුලේ අයට ආගන්තුක රටක් නොවන්නට හේතු කිහිපයකි. මොවුනගේ පවුලේ වැඩිමල් සොයුරාත්, අනෙක් සොයුරාත් පාකිස්තානයේ ඇ`ගලූම් කර්මාන්ත ශාලාවල සේවය කරන දෙදෙනෙකි. ඒ අඩි පාරේ යමින් පි‍්‍රයන්ත කුමාරත් පාකිස්තානයේ ෆයිසලාබාද්වලට ගොස් කාර්මික ඉංජිනේරුවකු ලෙස රැුකියාව කරන්නට ගන්නේ ඉස්ලාම් ආගමත්, ඒ රටේ පවතින නීති රීති සියල්ල පිළිබඳ නිසි අවබෝධයෙනි.

එරටට ගිය පි‍්‍රයන්ත සියොල්කොට් හි රාජ්කෝ කර්මාන්ත ශාලාවේ සේවයට එක් වන්නේ ආයතනයේ ප‍්‍රගමනයට විශාල සේවයක් කිරීමටය. එහි ප‍්‍රතිඵලය වූයේ එහි සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරමින් ආයතනය ලොව අංක එකේ ඇ`ගලූම් ආයතනයක් බවට පත් කිරීමට සිය දැනුමත්, කාලයත්, ශ‍්‍රමයත් වැගිරීමය.

පි‍්‍රයන්තට පාකිස්තානයේ සියොල්කොට්, රාජ්කෝ කර්මාන්ත ශාලාව තුළ සතුරන් සිටියේ නැත. ඔහු දරන තනතුරට අනුව රාජකාරි ඉටුකළා හැර ඊට එහා ප‍්‍රශ්නයක් ද නොතිබිණි. ඉකුත් වසර දහයක, එකොළහක කාලයේ දී එරට සංස්කෘතිය, භාෂාව, ආගම සමග සිටි ඔහුට එහි මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ කිසිවකු අලූතින් යමක් කියාදිය යුතුද නැත.

දරු දෙදෙනකුගේ පියකු වන පි‍්‍රයන්ත කුමාරගේ බිරිඳ රාගම පදිංචි නිලූෂි දිසානායකය. ඔවුනගේ වැඩිමල් පුතු වන ගවිද් ගෙනුක දාහතර හැවිරිදිය. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබයි. දෙවැනි පුතු ලිතුල ලෙසාන් ඉගෙනුම ලබන්නේ වැලිපිල්ලෑව ප‍්‍රාථමික විiාලයේය. ඔහු ඉගෙනුම ලබන්නේ 4 වැනි වසරේය.

සෑම වසරකටම වරක් නිවාඩු ලබා මෙරටට එන පි‍්‍රයන්ත කුමාර සිය දරු පැටව් දෙදෙනාත් බිරිඳත් සමග කාලය ගත කළේ විනෝදෙනි. කොහේ හෝ සුන්දර ප‍්‍රදේශයකට ගොස් දරුවන් සමග කාලය ගත කළ ඔහු ඉතා සරල සුන්දර මිනිසෙකි.

බිරිඳ නිලූෂි දිසානායක මහත්මිය සිය ආදරණීය සැමියා ගැන කියන්නේ මේ ටිකය.

එයා හරිම සරල කෙනෙක්. අරක්කු සිගරට් කවදාවත් කටේ තියලා නෑ. අඩුම තරමින් බියර් උගුරක්වත් බීලා නෑ. මස් මාංසවලට පවා කැමැත්තක් නෑ. අපට කතා කරන හැම වෙලාවෙම කියන්නෙ පලතුරු කන්න කියලයි. නිරෝගි ජීවිතයකට පලතුරු ඉතා හොඳයි කියලයි කියන්නෙ. එයා හැම අවුරුද්දකටම සැරයක් මෙරටට එනවා. බොහෝ විට එයා එන්නෙ අගෝස්තුවේ. අගෝස්තුවේ ලැබෙන දීර්ඝ නිවාඩුව එය ගත කරන්නෙ මායි අපේ දරුවො දෙන්නයි ඥාති හිතමිත‍්‍රාදීන් සමගයි. 2019 කොරෝනා වසංගතය නිසා එයාට ලංකාවට එන්න බැරි වුණා. නමුත් දවස ගානෙ වගේ දුරකථනයෙන් එයා අපේ දුක සැප විමසනවා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන එය නිතරම අහනවා. එයාගෙ අම්මා අසනීපයෙන්. අම්මත් එක්කත් නිතරම දුරකථනයෙන් කතා කරලා දුක සැප විමසනවා.

හැම අගෝස්තුවකම ඇවිත් මායි දරුවො දෙන්නයි එක්ක විනෝදයෙන් ගතකරනවා: ප‍්‍රියත්තගේ බිරිඳ නිලූෂි දිසානායක
සිද්ධිය පිළිබඳ විස්තර කරන වැඩිමල් සොයුරා කමලසිරි දියවඩන මහතා, සහකාර පොලිස් අධිකාරි ඞී. එස්. පේ‍්‍රමලල් සමඟ

මෙයාට කර්මාන්ත ශාලාව තුළ රාජකාරිමය වශයෙන් කිසිම ගැටලූවක් තිබුණේ නෑ. අන්තවාදීන් සමග ආගම්වාදී ගැටුමකට යන්න එයා පොඩි දරුවෙක් නෙවෙයි. ඉස්ලාම් ආගම දේවත්වයෙන් අදහන පිරිස ඉන්නෙ පාකිස්ථානයේ කියලා එයා නිතරම කියූ දෙයක්. මට හිතාගන්න බෑ එයා ආගම්වාදී ගැටුමකට අහුවුණා කියලා. ආගමික පෝස්ටර් ඉරලා ඒ නිසා මේ සිද්ධිය වුණා කියන කතාව මම නම් විශ්වාස කරන්නෙම නෑ. මේ සිද්ධිය පිළිබඳ නිසි පරීක්‍ෂණයක් අවශ්‍යයි. ශී‍්‍ර ලංකා ආණ්ඩුවත්, පාකිස්තාන ආණ්ඩුවත් එක්වෙලා රාජ්‍ය තාන්ති‍්‍රකව මේ සිද්ධියේ සත්‍ය හෙළිකර ගත යුතුයි. ඉස්ලාම් ආගම අදහන, ඒ සංස්කෘතියත් එක්ක අපූරුවට කටයුතු කළ මගේ සැමියට වූ දේ මට හිතාගන්න බෑ. මේ සිද්ධිය වුණේ පසුගිය සිකුරාදා. එදා රෑ මට ප‍්‍රවෘත්ති බලන්න බැරි වුණා. ඒත් මම රිවයින්ඞ් කරලා හතේ ප‍්‍රවෘත්ති බලනවා. එදත් මම එහෙම බලන කොට තමයි පාකිස්තානයේ මේ සිද්ධිය දැන ගත්තෙ. මගෙ මහත්තයගෙ ෆොටෝ එකක් එක්ක විස්තරය කියනකොට මට උන්හිටි තැන් අමතක වුණා. මේ මගේ සැමිය නේද කියලා දැනුනහම මම කෑගහලා අඬන්න ගත්තා. ටීවී එකත් ඕෆ් කරලා මම මේ ගැන හොයලා බැලූවා. කාටවත් වරදක් නොකළ මගෙ මහත්තයා මට නැති වුණා. දරු දෙන්නට ආදරණීය පියෙක් අහිමි වුණා. ඒ දෙන්නට තිබුණ රැුකවරණය ආදරය අහිමි වුණා. මම දැනට රැුකියාවක් කරන්නෙ නෑ. මේ දරු දෙන්නත් එක්ක මම තනි වුණා. ඇය කියාසිටියේ නෙත`ග වියලූන කඳුළුවලට යළි පණ පොවමිනි.

මියගොස් සිටින පි‍්‍රයන්ත කුමාරගේ මහතාගේ වැඩිමල් සොහොයුරකු වන කමලසිරි දියවඩන මහතා ද පාකිස්තානයේ ඇ`ගලූම් කම්හලක සේවය කරන අයෙකි. මීට මාස දෙකහමාරකට පමණ පෙර ඔහු මෙරටට පැමිණ ඇත. ඔහුත් වසර දහයකට වැඩි කාලයක් එරට සේවය කළ අයෙකි. මෙම සිද්ධිය පිළිබඳ ඔහු කියන දේ හරි වැදගත්ය.

මේ අපේ පවුලේ බාලයා. එයා හරිම හොඳ කෙනෙක්. අවුරුදු එකොළහක්ම පාකිස්තානයේ හිටපු එයාට වෙච්ච දේ හිතාගන්න බෑ. මේක සැලසුම් සහගත ඝාතනයක්. පි‍්‍රයන්ත මල්ලි ඔය කියන කම්හලේ සාමාන්‍යාධිකාරිවරයා. සමස්ත කර්මාන්ත ශාලාවෙම කටයුතු මෙහෙයවන්නේ එයා. මේ ෆැක්ටරිවල වැඩ කරන අයට වැටුප් ගෙවන්නෙ ටාගට් වලට. ඕඩර්ස් භාර ගැනීම විගණන ආදී කටයුතු සියල්ල නිසි පරිදි කළ යුතුයි. ෆැක්ටරියේ හිමිකරු අපේ මල්ලිගෙ රාජකාරි ගැන ඉතා පැහැදිලයි හිටියේ. එයා ළඟක ඉඳන් ලංකාවට එන්න හිටියේ. ඒත් හිමිකරු එයාට එන්න දීලා නෑ. මෙයා ගියොත් ආයතනයට විශාල පාඩුවක් කියලා එයා කියලා තියෙනවා.

ඔය පොස්ටර් ගැලවූ කතාව සම්පූර්ණ බොරුවක්. ඔය ෆැක්ටරියේ එක තට්ටුවක් නිසි පරිදි පවිත‍්‍ර කරලා නෑ. මල්ලි ඒකට එක් අයෙකුට දොස් කියලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අන්තවාදීන් සමග එක්වෙලා සැලසුම් සහගත ලෙස මොහුට පහරදීලා ඝාතනය කරලා තියෙන්නෙ. මේක ම්ලේච්ඡු ඝාතනයක්. සිකුරාදා ජුම්මා දවස. ඒ දවසෙම මල්ලිව මේ ආකාරයට ඝාතනය කළ පිරිසට නිසි දඬුවම් දිය යුතුයි. මල්ලි මට නිතරම කතා කරනවා. ඔය කුරාණය සහිත පොස්ටර් ගැලවූ කතාව සම්පූර්ණ බොරුවක්.

හැම අගෝස්තුවකම ඇවිත් මායි දරුවො දෙන්නයි එක්ක විනෝදයෙන් ගතකරනවා: ප‍්‍රියත්තගේ බිරිඳ නිලූෂි දිසානායක
(සොයුරා) කමලසිරි දියවඩන

එක තට්ටුවක පවිත‍්‍රතා කරපු පුද්ගලයෙක්
අන්තවාදීන් එක්ක එකතුවෙලා මල්ලිට ගහලා ඝාතනය කරලා

 පෝස්ටර් ගැලවූ කථාව සම්පූර්ණ බොරු

 මේක සැලසුම් සහගත ඝාතනයක්

 ආයතන හිමිකරුට මම කථා කළා ඔහු ලංකාවට එනවා කිව්වා

 මල්ලිගේ වැටුප දිගටම ළමයින්ට දෙනවා කිව්වා

මැෂින් 300 ක් තිබූ ආයතනයක මැෂින් 2500 ක ආයතනයක් කළේ මල්ලිගේ නායකත්වයෙන්. මේ ෆැක්ටරියෙන් තමයි පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමට නිල ඇඳුම මහන්නෙ. රගර්, ෆුට්බෝල් වගේ තරගවල කී‍්‍රඩකයින්ගේ නිල ඇඳුම් සියල්ලම නිෂ්පාදනය කරන්නෙ මේ ෆැක්ටරියේ. ඒ තැනට ආයතනය ගෙනාවෙ මල්ලි. ඒ ආයතනයේ හිමිකරු මට කතා කළා. එයා ලංකාවට එනවා කියලා කිව්වා. මගේ ආයතනය ඉවරයි කියලා කිව්වා. ජාත්‍යන්තරව ලබාගෙන තිබූ කීර්තිය ඉවරයි කියලා කිව්වා. යුරෝපය පුරා තිබූ කීර්තිය මේ ඝාතනයෙන් නැති වුණා කියලා කිව්වා. මල්ලි ලබපු වැටුප දිගටම දරුවන්ගෙ අධ්‍යාපනයට දෙනවා කියලා කිව්වා. නමුත් ම්ලේච්ඡුයින් පිරිසකගේ කි‍්‍රයාවක් නිසා මල්ලි අපිට නැති වුණා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අපේ රට සමග මිතුරුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ප‍්‍රසන්න රණතුංග යන ඇමැතිවරු මල්ලිගේ පුළුස්සපු දේහය මේ රටට ගේන්න උදව් කළා. නැත්නම් පිටරට ඉඳන් මේ ආකාරයකට ගුවන්යානාවකින් බොඩි එකක් ගේන්න රුපියල් ලක්ෂ 60 ක් විතර වැය වෙනවා. ජනාධිපතිතුමන් දැනුම් දීලා තියෙනවා රුපියල් ලක්ෂ 15 ක් ලබා දෙන්න. මල්ලි විදේශ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නෙවෙයි රට ගියේ. ඔහු කියා සිටී.

පි‍්‍රයන්ත කුමාරගේ කතාව ඔයාකාරය. පාකිස්තානයේ වසර එකොළහක කාලයක් ජීවත් වූ ඔහුට සිදු වූ නස්පැත්තිය සුළුකොට සැලකිය නොහැකිය. මිලේච්ඡුයන් කොයි රටෙත්, කොයි සමාජයෙත් වෙසෙති. තමන් ලබපු උගත්කමින් පාකිස්තානයේ ආයතනයක් පෝෂණය කළ පි‍්‍රයන්තට අත්වූයේ මහ පොළව නුහුලන තරමේ අපරාධයකි. දැන් ඔහුට කතා කරන්නට හැකි නම් බොහෝ දේ හෙළිවනු ඇත. නමුත් ඒ හඬට කිසිදු ඉඩක් නොදුන් මේ මිලේච්ඡයන්ට නිසි දඬුවම් ලබාදිය යුතුය. ඒ මිලේච්ඡුයන් බෞද්ධ ද, හින්දු ද ඉස්ලාම් ද යන්න අපට වැඩක් නැත. මොන ආගමක මොන ජාතියක මොන කුලයක, මොන අන්තවාදයක සිටියත් ඒ සියල්ල සොබාදහමට පරාජය.

පි‍්‍රයන්ත කුමාර මහතාගේ පිළිස්සුණු සිරුරේ කොටස් ඊයේ (06 දා) සවස 5.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ගෙන ඒම සිදුවිය. අවසන් කටයුතු බදාදා (08 දා) සිදු කිරීමට නියමිතය.

පි‍්‍රයන්ත කුමාර නිහඬය. ඒ නිහඬ බව කුඩා කල සිට ඔහු තුළ තිබූ පුරුද්දකි. නිහඬ බව බොහෝ දේ කියාපාන බව අපි දනිමු. මේ මිලේච්ඡුයන්ට අල්ලා දෙවියන් පවා දඬුවම් දෙන බව සිකුරුය. අසරණ දරු දෙදෙනාත්, බිරිඳත් වෙනුවෙන් රටක් ලෙස කළ හැකි යමක් වේද? එය ඉටු කරනවා යන පාකිස්තානයේදී මිලේච්ඡුයන්ගේ ගොදුරක් වූ පි‍්‍රයන්තට කරන වටිනාම සාධාරණය එය වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

ශිරාන් රණසිංහ
ඡායා – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment