හැරී කුමරුගේ රජ පවුලේ රහස් ග්‍රන්ථයට අධික ඉල්ලුමක්

717

සිය සොහොයුරා වන එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරු, සිය කුඩම්මා වන කැමිලා බිසව ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විවේචනයට ලක් කරමින් රජ පවුලෙන් ඉවත්ව සිටින හැරී කුමරු විසින් ලියා පළ කර ඇති ‘ස්පෙයාර්’ නම් වූ මතක සටහන් ඇතුළත් ග්‍රන්ථය ඊයේ (10දා) වෙළඳපළට නිකුත් කිරීමත් සමගම එම ග්‍රන්ථය මිලදී ගැනීම සඳහා පොත් සාප්පු ඉදිරිපිට දිගු මහජන පෝලිම් පවතින බව වාර්තා වී තිබේ.

මෙම ග්‍රන්ථය මිලදී ගැනීම සඳහා පෙරේදා (09දා) මැදියම් රැයේ සිට විශාල පිරිසක් ලන්ඩනය ඇතුළු නගරවල පිහිටි පොත් සාප්පු ඉදිරිපිට පෝලිම් ගැසී සිටින අතර පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන එම ග්‍රන්ථය අලෙවි කරන පොත් සාප්පු මධ්‍යම රාත්‍රී කාලයේත් විවෘත කර තැබීමට පොත් සාප්පු හිමියන් විසින් පියවර ගෙන තිබේ.

මෙම ග්‍රන්ථය නිල වශයෙන් වෙළඳපළට නිකුත් කරන ලද්දේ ඊයේ දිනයේ වුවද ඉකුත් සතියේ සිට මෙම ග්‍රන්ථයේ පිටපත් ස්පාඤ්ඤයේ අලෙවි කර තිබිණි. මෙම ග්‍රන්ථයට ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් එය ලොව පුරා භාෂා 16කට පරිවර්තනය කර අලෙවි කිරීමට පොත් බෙදා හරින්නන් විසින් කටයුතු යොදා තිබේ. අන්තර්ජාලය ඔස්සේද මෙම ග්‍රන්ථයට අධික ඉල්ලුමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment