හැව්ලොක්ස් දෙකට ඇද දමා මහනුවර අපරාජිතව එකට එයි

164

* නිපෝන් පේන්ට් අභියෝග කුසලාන රග්බි ශූරතාවලිය

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ”නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් ශුරතා රග්බි පාපන්දු තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ඊයේ (20) සවස මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ලකුණු 07 ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසාද ලකුණු පුරුවේ පළමු ස්ථානය අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් තහවුරු කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වන අතර වාරයේ හැව්ලොක්ස් කණ්ඩායමට එකී දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

මෙවර තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීම සඳහා යන ගමනේදී මෙම තරගයේ ජයග‍්‍රහණය අතිශයින්ම වැදගත් බව අවබෝධ කර ගනිමින් නයිජල් රත්වත්තේ ගේ නායකත්වයෙන් මහනුවර පිල ද සෙනාල් දීලක සිල්වා ගේ නායකත්වයෙන් හැව්ලොක්ස් පිල ද ඊයේ (20) තරග වදින ආකාරය දැක ගන්නට හැකි විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 05 – 03 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මහනුවර කණ්ඩායම සමත් විය. දෙවන භාගයේ දී ප‍්‍රබල ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරතවෙමින් තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ලකුණු 22- 15 ක් ලෙස මනරම් ජයග‍්‍රහණයකින් කඳුරට ක‍්‍රීඩාලෝලීන් සනසන්නට මහනුවර ක‍්‍රීඩකයින්ට හැකි වීම ද කැපී පෙනුණි.

ජයග‍්‍රාහී මහනුවර පිල ගෝල් දිනුම් 02 ක් එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් තම තම ලකුණු එකතුව සටහන් කර ගත් අතර පරාජිත හැව්ලොක්ස් පිලේ ලකුණු පුවරුව ගෝල් දිනුමකින් සහ උත්සාහක දිනුමකින් හා දඬුවම් පහරකින් සටහන් වුණි.

මහනුවර ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු බුද්ධිම පියරත්න (01* හේෂාන් කල්හාර (01* සහ රොෂාන් වීරරත්න (01* බැගින් උත්සාහක දිනුම් ලබා ගත් අතර එහි ප‍්‍රවර්තන 02 ක් සහ එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ ට හැකි විය.

පරාජිත පිල නියෝජනය කළ ලසිදු කරුණාතිලක (01* සහ රමේෂ් ප‍්‍රනාන්දු (01* බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප‍්‍රවර්තනයක් සමග එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කිරීමට සන්දේශ් ජයවික‍්‍රම ට හැකි විය. මෙම තරගය ප‍්‍රියන්ත ගුණරත්න මහතා විසින් විනිශ්චය කරන ලදී.
‌ පොලිසිය ලකුණු 25

යුද හමුදාව ලකුණු 07

සෙනසුරාදා (19* සවස

තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී පැවති රග්බී පාපන්දු තරගයෙන් යුද හමුදාව පරදා ලකුණු 18 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට පොලිසිය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙවර තරගාවලිය යටතේ පොලිසිය ලත් තෙවන ජයග‍්‍රහණය මෙය විය.

තරගය සඳහා නියමිත මිනිත්තු 80 ක කාලය තුළ පොලිස් කණ්ඩායම ලකුණු 25 ක් ලබා ගන්නා අතර වාරයේ ලකුණු 07 ක් පමණකින් සෑහීමට පත්වන්නට යුද හමුදාවට සිදු වීම හේතුවෙන් ජයග‍්‍රහණයේ මිහිර අත්විඳින්නට පොලීසිය ට හැකියාව ලැබිණි.

ප‍්‍රතිවාදී යුද හමුදාවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් පොලිසිය ප‍්‍රථම භාගය තුළ රැුස් කර ගත් ලකුණු සංඛ්‍යාව 25 කි.

එක් ගෝල් දිනුමක් සමඟ උත්සාහක දිනුම් 04 ක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම ලකුණු එකතුව සටහන් කර ගැනීමට පොලිසිය සමත් වීම එහිදී කැපී පෙනුණි.

04 වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වගීෂ වීරසිංහ ද 14 වැනි මිනිත්තුවේ දී දෙවන උත්සාහක දිනුම ජනිත් චානක ද 32 වැනි මිනිත්තුවේ දී තෙවන උත්සාහක දිනුම සුරංග කසුන් ද වාර්තා කළහ. 40 වැනි මිනිත්තුවේ දී ක‍්‍රියාත්මක වෙමින් සිව් වැනි උත්සාහක දිනුම මොහාන් විමලරත්න වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තනය නිවැරදි එල්ලයට යොමු කිරීමට යොහාන් පීරිස් ට හැකි විය. එකම දඬුවම් පහර ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට 20 වැනි මිනිත්තුවේ දී යොහාන් පීරිස් සමත් විය.

දෙවන භාගය තුළ පොලීසියට රිසිසේ ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් යුධ හමුදා ක‍්‍රීඩකයෝ එක් ගෝල් දිනුමක් සාර්ථක කර ගත්තේය. 56 වැනි මිනිත්තුවේ දී ක‍්‍රියාත්මක වූ චානක ගුණරත්න එකම උත්සාහක දිනුම යුද හමුදාව වෙනුවෙන් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තනය තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි ගේ පාදයෙන් සාර්ථක වුණි. මෙම තරගය ඉෂංක අබේකෝන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment