හිංසනයට ලක්වූ එක දරුවකු හෝ හැමදාම ළමා රෝහලට එනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

195

අතවරයට ලක්වූ  දරුවන් දසදහස්  ගණනක් ඉන්නවා

පහරදීම් නිසා අස්ථි බිඳීම් වලට ලක්වූ දරුවන්, සිගරට් කොටවලින් ශරීරය පිළිස්සූ දරුවන්, ලිංගික අතවර වලට ලක්වූ දරුවන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් දවසකට ළමා රෝහලට එනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යැයි බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවැසීය.

ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දරුවන්ට දිගින් දිගටම සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා මාධ්‍ය එකතුවී නිරන්තරයෙන්ම හඬ නැගිය යුතු බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

ලංකාවේ අතරවරයට ලක්වුණු දරුවෝ දස දහස් ගාණක් ඉන්නවා. දරුවන්ට පහරදීම්, හිංසනයන්, ලිංගික අතවරයන් සිදුවෙන බව වාර්තා වෙනවා. ඒ විතරක් නොවෙයි දරුවන්ට අරක්කු බොන්න දෙනවා. පිරිමි දරුවන් විතරක් නොවෙයි ගැහැනු දරුවනුත් අතවරයට ලක්වෙනවා. ඒ වගේම බොහෝ ධනවත් පුද්ගලයන්ගේ ගෙවල්වල කුඩා දරුවෝ මෙහෙකාර සේවයේ යෙදෙනවා. ඒ වගේම මේ වෙනකොටත් අම්මලා තාත්තලා නැති දරුවෝ දහතුන්දාහක් විතර ළමා නිවසවල රැඳී සිටිනවා. සමහර ළමා අතවරයන් වාර්තා වෙන්නෙත් නැහැ.

අද වෙනකොට තමන්ගේ තාත්තා, බාප්පා වැනි අයගෙන් පවා දරුවන්ට අතවර වෙනවා. මේක ඉතාම ඛේදජනකයි. හුඟක්ම දරුවෝ මේ වෙන අතවර කියන්නේ නැහැ. අවුරුදු 18 වෙනකම් දරුවෝ ඉගෙනගන්න ඕන.

දරුවෝ පාසල් යවන්න ඕනෑ. යම් කිසි ගෙදරක දරුවෝ මෙහෙකාර සේවයේ යොදවනවානම්, කඩයක දරුවෙක් සේවය කරනවානම්, දරුවකුට පහරදීමක් වෙනවානම් ළඟම පොලිසියට දැනුම් දෙන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment