හික්කඩුවේ මුහුදේදී දියවැළකට හසුව  ගසාගෙන ගිය රුසියානුවෝ දෙදෙනා බේරාගැනෙති

123

හික්කඩුව පනංගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැළකට හසුවී ගසාගෙන ගොස් සිටි රුසියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (17දා) රාත්‍රි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරාගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.

බේරාගත් රුසියානු ජාතික විදේශකයින් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වියේ පසුවෙති. මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇත. ඊයේ පස්වරුවේ දියනෑම සඳහා හික්කඩුව පනංගොඩ මුහුදු තීරයට පැමිණ දියනාමින් සිටියදී දියවැළකට හසුවී මොහුන් දෙදෙනා මීටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.

හික්කඩුව පොලිසියට අනුයුක්තව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක හේවගේ, පො.කො 94884 චතුරංග යන නිලධාරින් හා නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නාවික නැවියන් වන එස්. එස්. කරුණානන්ද, ආර්.ආර්.එන්. රාජකරුණා යන නිලධාරින් විසින් ජීවිතාරක්ෂක බෝට්ටුවක් ආධාරයෙන් මෙම විදේශිකයින් දෙදෙනා බේරාගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment